සංස්‌කරණය : නාරද නිශ්ශංක

හිරු ටී.වී. "මංගලම්" 50 වැනි රීදි ජුබිලිය නිමිත්තෙන්
පවත්වන මංගල ප්‍රදර්ශනය ජයික්‌ හිල්ටන්හිදී


ලසිත දුමින්ද

හිරු ටීවී "මංගලම්" වැඩසටහන 50 වන අදියර සම්පූර්ණ කිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මංගල ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවයක්‌ පසුගියදා කොළඹ ජයික්‌ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. එහිදී හිරු ටීවී වැඩසටහන් අධ්‍යක්‍ෂ විරාඡ් වැලිවත්ත, ජයික්‌ හිල්ටන් හෝටලයේ සාමාන්‍යාධිකාරි මනේෂ් ප්‍රනාන්දු, හිරු ටීවී වෙළෙඳ අධ්‍යක්‍ෂ ජූඩ් තිසේරා, හිල්ටන් උත්සව කළමනාකරු නිරේක්‍ෂ පෙරේරා යන මහත්වරු ඡායාරූපයේ වෙති. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

හිරු ටී.වී. වසන්තයේ රන්හුය "මංගලම්" වැඩසටහන 50 වන අදියර සම්පූර්ණ කිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මංගල ප්‍රදර්ශනය 28 වැනිදා පෙරවරු 9.00 සිට කොළඹ ජයික්‌ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

උත්තරීතර මංගල සිහිනය සැබෑ කර ගන්නට වෙර දරන යෞවන යෞවනියන්ට මෙය සැබෑ අත්දැකීමක්‌ වනු ඇත. හිරු ටී.වී. ඔස්‌සේ සෑම ඉරිදාවකම සවස 6.00 ට විකාශය වන "මංගලම්" වැඩසටහනේ 50 වැනි රිදී ජුබිලිය වෙනුවෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට සමගාමීව විවාහ අපේක්‍ෂකයන්ට සොඳුරු විවාහ මංගල්‍යයක්‌ සැලසුම් කරදීමට ද සංවිධායක මණ්‌ඩලය කටයුතු යොදා තිබේ.

මේ සඳහා දිවයිනේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පීන්, මංගල කේක්‌, ඇඳුම් සකසන්නන් ඇතුළු ආයතන රැසක්‌ එක්‌ව සිටිති. එදින පැවැත්වෙන ප්‍රදර්ශනයට සහභාගි වන මනාල මනාලියන්ගෙන් තෝරාගත් එක්‌ යුවළකට කිසිදිනෙක අත්විඳින්නට නොහැකි සුවිශේෂී අංගසම්පූර්ණ මංගල උත්සව අවස්‌ථාවක්‌ නොමිලේ සංවිධානය කරදීමට සංවිධායක මණ්‌ඩලය පියවර ගෙන ඇත.

මීට අමතරව තම මංගල උත්සවය හිරු ටී.වී. "මංගලම්" වැඩසටහන ඔස්‌සේ නොමිලේ ප්‍රචාරය කරගැනීමට ද අවස්‌ථාව හිමිවේ.





 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.