ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ කැඩපතක්‌ වූ ගාමණී ජයසූරිය

(ගාමණී ජයසූරිය ශ්‍රීමතාණන්ගේ 15 වැනි ගුණානුස්‌මරණය නිමිත්තෙනි.)

1987 දී ඡේ. ආර්. - රජීව් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පාමින් උතුර - නැඟෙනහිර ඒකාබද්ධ කොට පළාත් සභාවක්‌ පිහිටුවීමෙන් ඊළමකට මග පාදන බව ප්‍රකාශ කරමින් සිය පාර්ලිමේන්තු අසුනෙන් ද ඇමැති පදවිවලින් ද ඉල්ලා අස්‌ වී දේශපාලනයට ආයුබෝවන් කී එතුමා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ කැඩපතක්‌ බඳු වෙයි.



අප්‍රේල් මාසයේ අප අතරින් වියෝ වූ දේශපාලන නායකයන් අතර විශේෂ ස්‌ථානයක්‌ ගන්නා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩපත් බඳු උතුමන් අතර දිවංගත ඩඩ්ලි සේනානායක ශ්‍රීමතුන් හා ගාමණී ජයසූරිය ශ්‍රීමතුන් ද කැපී පෙනේ.

අනගාරික ධර්මපාලතුමන්ගේ සහෝදරයකු වූ එඩ්මන්ඩ් හේවාවිතාරණ මැතිතුමාගේ දියණියක වූ සුමනාදේවි හේවාවිතාරණ, බර්නාඩ් ජයසූරිය දෙපළගේ ආදරණීය පුත් රුවනක්‌ ලෙස එක්‌දහස්‌ නවසිය විසිහතරේ අප්‍රේල් තිස්‌වැනි දින උපත ලැබූ ගාමණී නන්ද ජයසූරිය මූලික අධ්‍යාපනය ලැබුවේ රාජකීය විද්‍යාලයෙනි. අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු දොන් කරෝලිස්‌ හේවාවිතාරණ සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙසත්, පසුව සභාපති ලෙසත් සේවය කිරීමෙන් අනතුරුව තම පියා වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවිස්‌සාවේල්ල මන්ත්‍රී ධුරය දැරූ බර්නාඩ් ජයසූරිය මැතිතුමාගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසියේය. එතුමන් දේශපාලනයට අවතීර්ණ වූයේ එවකට අලුතෙන් පිහිට වූ හෝමාගම ආසනයේ පළමුවන මහජන මන්ත්‍රීවරයා ලෙස 1960 මාර්තු හා ජුලි මැතිවරණවලින් ජය ලබා ගනිමිනි. 1965 මැතිවරණයෙන් නැවත ජය ලබාගත් පසු ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපනික හා සංස්‌කෘතික උප ඇමැති ලෙස කටයුතු කළේය. 1977 දී ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ පළමුව සෞඛ්‍ය අමාත්‍ය ලෙසත් දෙවනුව කෘෂිකර්ම, ආහාර හා සමුපකාර යන ප්‍රමුඛ පෙළේ අමාත්‍යාංශ තුනක්‌ භාරව ක්‍රියා කළේය.

1987 දී ඡේ. ආර්. - රජීව් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පාමින් උතුර - නැඟෙනහිර ඒකාබද්ධ කොට පළාත් සභාවක්‌ පිහිටුවීමෙන් ඊළමකට මඟ පාදන බව ප්‍රකාශ කරමින් සිය පාර්ලිමේන්තු අසුනෙන් ද ඇමැති පදවිවලින් ද ඉල්ලා අස්‌ වී දේශපාලනයට ආයුබෝවන් කී එතුමා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ කැඩපතක්‌ බඳු වෙයි. එජාපයේ එදා සිටි පතාක යෝධයන් වූ එම්. ඩී. බණ්‌ඩා, යූ. බී. වන්නිනායක, එම්. ඩී. එච්. වැනි අවංක නායකයන් සමඟÊඑක්‌ව පක්‍ෂයේ ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය පිණිස අවංකවම කැප වී ක්‍රියා කළේය. මන්ත්‍රීවරයකු වශයෙන්වත් ඇමැතිවරයකු වශයෙන්වත් කිසිදු අයුතු දෙයක්‌ නොකළ එතුමා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමෙන් පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කුඹුරු පනතින් පසුව ගොවියාට අති විශාල මෙහෙයක්‌ කළ නායකයකු වූයේය. භීෂණ සමයේ පවා ආරක්‍ෂකයන්ගෙන් තොරව මුළු ආසනය පුරාම සංචාරය කළ එතුමා හෝමාගම ආසනයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සෑම කටයුත්තකටම සහභාගි වී පොදු ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කළේය. එතුමා ජීවත්ව සිටින තෙක්‌ හෝමාගම ආසනය තුළ කිසිදු (රට) බීමහලකට අවසර නොදී අමද්‍යප ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කළේය. ඥාති සංග්‍රහය කිසිසේත් අනුමත නොකොට සුදුස්‌සාට සුදුසු තැන දීමෙන් ආදර්ශවත්ව ක්‍රියා කළේය.

දේශපාලන කටයුතු කරද්දීත්, ඉන් පසුවත් දාන භාවනා කටයුතුවල යෙදුණ එතුමා තම අන්තිම කැමැත්තෙන් ලක්‍ෂ සංඛ්‍යාත මුදලක්‌ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණටත් ලංකා මහාබෝධි සමාගමේ අභිවෘද්ධියටත් පරිත්‍යාග කළේය. එවකට රටේ ඇති වී තිබූ ලේ වැගිරීම් හා යුද තත්ත්වය පිළිබඳ බලවත් කම්පනයෙන් සිටි එතුමා නිරන්තරයෙන් සාමකාමී ශ්‍රී ලංකාවක්‌ පැතූ සැබෑ ජාති මාමකයෙකි. එසේ කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ එතුමා 2008 අප්‍රේල් 26 වන දින හෘදයාබාධයකින් පරලොව සැපත් විය. පරලොව සැපත් වන තෙක්‌ම කොළඹ මාලිsගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණෙහි පාලක විද්‍යාධාර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් භාෂා අධ්‍යාපනය පිණිස මහත් කැපවීමකින් කටයුතු කළ එතුමාගේ අභාවය විෙද්‍යාදය පිරිවෙණට පමණක්‌ නොව මුළු බෞද්ධ ලෝකයටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ලන්ඩන් බෞද්ධ විහාරයේ වත්මන් දියුණුවට ද මහත් සේවාවක්‌ නිස්‌සරණධ්‍යාශයෙන් සිදු කළේය. එතුමාගෙන් බෞද්ධ ලෝකයට සිදු වූ මෙහෙය සැලකිල්ලට ගත් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයත්, අස්‌ගිරි පාර්ශ්වයත් ඒකාබද්ධව එම විහාර දෙක ගිහියකුට පිරිනැමූ උසස්‌ අභිධානවලින් ගෞරව දැක්‌වූහ.

දිවංගත ගාමණී නන්ද ජයසූරිය මැතිතුමාට නුදුරේදීම උතුම් නිවන් පසක්‌ වේවා යි හදවතින්ම පතමි.

බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.