හින්දි සිනමාවේ අසහාය ගායිකාවක්‌ වූ
ෂම්සාඩ් බෙගම් මියයයි



හින්දි සිනමාවේ අසහාය ගායිකාවක්‌ වූ ෂම්සාඩ් බෙගම් පෙරේදා මිය ගියාය.

මියයන විට ඇය 94 හැවිරිදි වියේ පසුවිය. පටන්ගා සහ සී. අයි. ඩී නැමැති චිත්‍රපටවලට ඇය තැබූ ගීත අතිශයින්ම ජනාදරයට පත්විය. තම මව පසුගිය කාලය තුළ දැඩි ලෙස රෝගාතුරව සිටි බව ෂම්සාඩ් බෙගම්ගේ දියණිය වූ ඌෂා පැවසූවාය.

ෂම්සාඩ් බෙගම් අසහාය ගායිකා ලතා මගේන්කාර් සමගද ගීත ගායනා කර ඇත.

1949 වසරේදී ඇය පටන්ගා චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේරේ පියා ගීතය හින්දි රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.