ඇමරිකාවට තර්ජනයක්‌ විය හැකි
පන්ලක්‍ෂයකගේ තොරතුරු පද්ධතියක්‌


ඇමරිකාවට තර්ජනයක්‌ එලල් විය හැකි යයි සළකන 500,000 කගේ තොරතුරු ඇතුළත් අතිශයින්ම රහසිගත විමර්ශන පද්ධතියක්‌ ඇමරිකානු බුද්ධි සේවා සතුව ඇත.

ඊට පසුගියදා බොස්‌ටන්හි බෝම්බ පිපිරීමට සම්බන්ධව බෝම්බකරුවන්ගේ නම් ද ඇතුළත් වී තිබේ.

එහෙත් 2012 දී එම බෝම්බකරුවකු වූ ටැමලේන් ටස්‌ත්‍රනේව් ඇමරිකාවේ සිට රුසියාව යාම ගැන විමර්ශනයකට ලක්‌ වී නැත.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රස්‌ මන්ත්‍රීවරු රැසක්‌ එෆ් බී. අයි. පොලිසියට දෝෂාරෝපණය කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.