බෝම්බ පිපිරීම ගැන බොස්‌ටන් පොලිසිය
බොරු කියන බව එෆ් බී. අයි. පොලිසිය කියයි

බොස්‌ටන් බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් ඇමරිකානු එෆ් බී. අයි. පොලිසිය හා බොස්‌ටන් පොලිසිය පරස්‌පර විරෝධී ප්‍රකාශ කර ඇත.

මෙම පිපිරීමට සම්බන්ධ දෙවැනි සැකකරු ශෝකාර් සැඟවී සිටි බෝට්‌ටුවේ එම් 14 ස්‌වයංක්‍රීය අවියක්‌ තිබූ බව බොස්‌ටන් පොලිසිය පවසා ඇති අතර එෆ් බී. අයි. පොලිසිය කියන්නේ එවැන්නක්‌ හමු වී නැති බවයි.

ශෝකාර් සමග පැයක්‌ තිස්‌සේ වෙඩි හුවමාරුකරගත් බව බොස්‌ටන් පොලිසිය පවසා ඇත. එහෙත් එෆ් බී. අයි. පොලිසිය එකී ප්‍රකාශය ඉවත දමා තිබේ.

මේ අතර මුල්ම බෝම්බකරු වූ ටැමනේව් මියගිය අන්දම ගැන පොලිසිය මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ හෙලි කර නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.