රටේ නීතිරීති බිඳ දමන රාජ්‍ය නොවන
සංවිධාන 9000 ක්‌ තහනම් කරන්න

- රුසියානු අධිකරණ අමාත්‍යාංශය අධිකරණයෙන් ඉල්ලයි

රටේ නීතිරීතිවලට එකඟ නොවූ රාජ්‍ය නොවන සංවිධාන 9000 ක්‌ වසා දමන ලෙසත් තවත් සංවිධාන 5000 කට දඩ නියමකරන ලෙසත් රුසියානු අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත. රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු නිරීක්‍ෂණය කරන ගෝලෝස්‌ ආයතනය පැවැත් වූයේ එවන් සංවිධාන රැසක්‌ ලියාපදිංචි නැති බවයි.

මේ අතර රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් පැවසූවේ සියළුම රාජ්‍ය නොවන සංවිධාන රුසියානු නීතිරීති මත ක්‍රියා කළ යුතු බවයි. මෙම රාජ්‍ය නොවන සංවිධාන විදේශ ඒජන්තවරු ලෙස ලියාපදිංචිවිය යුතුවේ.

මෙලෙස රුසියානු නීතිරිති බිඳ දමන රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් 16000 ක දඩයක්‌ (රුපියල් 50,0000) නියම වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.