2013 අප්‍රේල් 26 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

බුත්තල උප සභාපතිගේ හිසට ගල් වැදී රෝහලේ

බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිල් නානායක්‌කාර මහතා සහ ඔක්‌කම්පිටිය පොලිස්‌ මුරපොළේ පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු අතර පෙරේදා (24) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ උප සභාපතිවරයා සහ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු රෝහල්ගත කර තිබේ.



උප සභාපති පොලිසියට තමන්ගේ බලය පෙන්නලා
- මොනරාගල ඩී. අයි. ජී. කියයි

උප සභාපති වූ පලියට හෙල්මට්‌ නැතිව මෝටර් සයිකලේ ගමන් යන්න බැහැ. ඔහු තවත් පුද්ගලයකු සමඟ මෝටර් සයිකලේ යද්දී ඔක්‌කම්පිටියේදී පොලිස්‌ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඔහු පොලිස්‌ නිලධාරීන් සමඟ බහින්බස්‌ වී පොලිස්‌ නිලධාරීන්ට පහර දී තිබෙනවා.

පුත්තලම ප්‍රා. සභා සභාපති මාරක අනතුරින් මියයයි

අලුයම 2.15 ට පමණ හලාවත දැදුරු ඔය පාලම ආසන් නයේදී නවතා තිබූ ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.


කෑගල්ලේ සිසුවාගේ ඝාතනය සෙවීමට ඩී.එන්.ඒ. පරීක්‍ෂණ

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා එම ඝාතනය සිදු කළ නියම පුද්ගලයා දැයි සෙවීම සඳහා මෙම ඩී. එන්. ඒ. පරීක්‍ෂණය පවත්වන බව...


විදුලි බිලට එරෙහිව එජාපයෙන් ආසන මට්‌ටමින් විරෝධතා

මැයි දිනයට සමගාමීව සහ ඉන් පසුවද ආසන සංවිධායකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කෙරෙන බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අධි ආරක්‍ෂිතයේ ඉඩම් නිරීක්‍ෂණයට පැමිණි පිරිස හරවා යවයි

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සමඟ ඒ. ගජේන්ද්‍රන් ද, නීතිවේදීන් හයදෙනකු හා කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානි පාක්‍යසෝති සරවනමුත්තු හා කමනි ෆොන්සේකා ද මෙසේ පැමිණ ඇත.

සුපිරි වෙළෙඳසල්
33 කට නඩු දමයි

සුපිරි වෙළෙඳසල්වල වැඩි මිලට එළවළු හා පලතුරු අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබිණි. ඒ අනුව මෙම වැටලීම් සිදුකර තිබේ.

විදුලි සරට එරෙහිව
ජනතා අත්සන්


ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ඊයේ (24 දා) අලව්ව නගරයේදී සංවිධානය කර තිබිණි. එහිදී ජනතාව දැඩි උනන්දුවකින් ඒ සඳහා තම අත්සන් යෙදූ අයුරු.

සිවු හැවිරිදි දරුවාට වස පොවා මවත් වස බීලා

නිවසේ සඟවා තිබූ කෘමිනාශක කැට කිරිවලට මුසුකර දරුවාටද පොවා ඇයද පානය කර ඇති බවත් මෙය පවුල් ආරවුලක්‌ මත...

උතුරු පළාත් මැතිවරණයට පෙර සිවිල් පාලනය ඇති කළ යුතුයි
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ යාපනයේදී කියයි

පළාත් සභා අටක ඡන්දය පවත්වා උතුරු පළාතේ පමණක්‌ ඡන්දය නොපැවැත්වීම පිළිබඳ අප ප්‍රශ්න කළා. ඒ වගේම කඩින් කඩ ඡන්ද පැවැත්වීමට අපි විරුද්ධ බව කිව යුතුයි.

එකම ගමේ කපුවෝ දෙදෙනෙක්‌ දේවාරූඪයෙන් ගුටි ඇන ගනිති

සත්‍ය පෙන්වීමේ අභියෝගය දෙදෙනාම 25 දා පෙරවරුවේ භාරගෙන එක්‌ කපුවෙකුගේ දේවාලයක්‌ තුළදී දෙදෙනාම දේවාරූඪ වී ඇත.

අනාරක්‌ෂිත ළිඳට වැටී එක්‌ අවුරුදු දරුවා මියයයි

මව සමග මිදුලේ දරුවා සිට ඇති අතර මව නිවස තුළට ගොස්‌ ආපසු මිදුලට පැමිණ බැලීමේදී දරුවා එහි සිට නැත අසල්වැසියන්ද සමග සොයා බැලීමේදී...


ඇඳුම් ඉරාගෙන පපුව සූරා ගෙන අසල්වැසියා අතවර කළැයි බොරු පැමිණිල්ලක්‌ කළ කාන්තාව මාස 3 ක්‌ හිරේට

තම සහෝදරයකුට කියා යටිබඩ පෙදෙස විකාගෙන පපුව කතුරකින් සූරාගෙන ගවුම් හා යට ඇඳුම් ඉරාදමාගෙන බරපතළ ස්‌ත්‍රී දූෂණයක්‌ කළ බවට අකුරැස්‌ස පොලිසියට ව්‍යාජ පැමිණිලි කර ඇති බව ඔප්පුවීම හා වරද පිළිගැනීම නිසා.....

ඊයේ පෝයදා දුප්පත් අයට ඇයි කෙණෙහිලිකම්...
කළුතර බෝ සමිඳු අසල මල් අලෙවි කළ වෙළෙන් දෝ අත්අඩංගුවට

බැතිමතුන්ට හිරිහැර වන අන්දමින් වෙළෙඳාම් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


පියා සමඟ බෙහෙත් ගන්න ගිය දැරිය රැගෙන ගොස්‌ අතවර කරලා
52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

මේ සම්බන්ධව පොලිසිය විසින් විමර්ශන කටයුතු කිරීමේදී එම දැරියට 2010 වසරේදී ලිංගික අපයෝජනයක්‌ සිදුකළ 47 හැවිරිදි එක්‌ දරු පියෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

බක්‌ පෝදා
කැලණි විහාරයේ...

බක්‌ පුර පසළොස්‌වක පොහොය යෙදුණු ඊයේ (25) කැලණිය රජමහා විහාරය වැඳ පුදා ගැනී මට බැතිමතුන් විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ සැදැහැවතුන් කැලණිය පූජා භූමිය වැඳ පුදාගත් අයුරුයි. ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

අවශ්‍ය තීරණය නොගත්තා නම්
දුම්රිය හෙළට යන්න තිබුණා
- ඔහියේ දී අනතුර වැළකූ රියෑදුරු කියයි

එක පාරටම දැඩි මීදුම අත රින් පාර හරහා යම් බාධක යක්‌ තියෙනවා කියලා දැනුණා. පළපුරුද්ද නිසාමයි මට ඒක දැනුණේ. මම හදිසි තිරිංග තද කළා. දුම්රිය නතර කරලා බලන කොට මීටර් තුනක්‌ පමණ දුරින් "මැල්ලොස්‌කා" කියන රූස්‌ස ගහක්‌ රේල් පාර දිගට වැටිලා.


නරක්‌ වූ හාල්මැස්‌සන්ට
පිරිසක්‌ පොරකති

විනාශ කිරීමට නියමිතව ඇති පණුවන් ගසා දුගඳ හමන වියළි හාල්මැස්‌සන් කිලෝ ග්‍රෑම් එකොළොස්‌දහස්‌ හාර සියයක (11400) තොගයක්‌ රේගුවෙන් මුදා ගැනීමේ ප්‍රබල උත්සාහයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ මුළු දුරකථන ප්‍රමාණය ලක්‍ෂ 238 ට නඟී

මෙම වැඩි වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාව 2012 වසර තුළදී වාර්තාගත ලෙස සියයට 10.9 කින් ඉහළ යැමයි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බක්‌මහ උළෙල....


කොට්‌ටා පොර, බනිස්‌ කෑම, කණා මුට්‌ටිය බිඳීම, බැලුන් පිපිරවීම, විකට ඇඳුම් තරගය, අවුරුදු කුමරිය තේරීම ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසකින් මෙම බක්‌මහ උළෙල සමන්විත විය.

පෝය දා සුරාබදු නීති කඩලා
කොළඹ රාත්‍රි සමාජ ශාලා හතරකට නඩු

මෙම සමාජ ශාලා තුළ මත්පැන් ගබඩා කර තැබීම, මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් පීඨිකා පැවැත්වීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

විදුලි ස්‌ත්‍රික්‌කයෙන් හය හැවිරිදි පුතු පිළිස්‌සූ මව රිමාන්ඩ්

මෙසේ රක්‍ෂිත බන්ධනා ගාරගත කරනු ලැබුවේ මුස්‌ලිම් ජාතික දෙදරු මවකි. ඇය ඉකුත් 12 වැනි දින විදුලි ස්‌ත්‍රික්‌කයකින් රෙදි මදිමින් සිටියදී දරුවාගේ අතින් එම ස්‌ත්‍රික්‌කය බිම වැටී ඇති බවද මේ නිසා කෝප වූ මව....

"ජාතික මට්‌ටමේ වැඩ වැරුමකට යනවා"
වැඩි කළ විදුලි ගාස්‌තුව හකුළා ගන්න

සංවිධාන 50 කින් 9 වැනිදා උද්ඝෝෂණ

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආණ්‌ඩුව බළල් අතක්‌ විදිහට පාවිච්චි කළා. මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ විදුලි බිල නියාමනය කිරීමට තිබෙන ස්‌වාධීන ආයතනයක්‌.

සචින් නොදැවී 40 යි

සිය 40 වැනි උපන්දිනය වෙනුවෙන් ක්‍රිකට්‌ ආම්පන්න සහ සචින්ගේ ඡායාරූප සමග විශාල කේක්‌ එකක්‌ නිර්මාණය කර තිබිණි. එම කේක්‌ එක සමග සචින් ඡායාරූපයේ...


කුවේටයේ අනියම් සබඳතාවලින් බිහි වූ
දරු දෙදෙනා කටුනායකදී වෙනත් අයට දෙන්න හදලා

- සුරූපී ගෘහ සේවිකාවන් දෙදෙනා සහ දරුවන් ගැලවීමේ හමුදා භාරයට

දරුවන් නොමැති දෙමාපියන් රැසක්‌ මෙම දරු දෙදෙනා භාර ගැනීමට ඉදිරිපත් වී තරගකාරී තත්ත්වයක්‌ ඇති වූ නිසා එම කාන්තාවන්ගේ රහස විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට අනාවරණය වී ඇත.

මඩකලපුවේ රාජ්‍ය නොවන ආයතන රැසක්‌ වැසේ

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන ආයතන දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල යෙන් අවසර ලබාගත යුතුය.

දකින්නට නිවන්! පිරුවෙමි මහණදම්

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ලසිදු දීමන්තද අල්විස්‌ කුමරුවා ශිෂ්‍ය හිමිනමක්‌ ලෙස තුඩුගල සුබෝධ නමින් සසුන්ගතවීමෙන් අනතුරුව "දිවයින" කැමරාවට මෙලෙස පෙනී සිටියහ.


  • ජාත්‍යන්තර බුද්ධිමය දේපළ දිනය අදයි

    සමහර පර්යේෂණ ප්‍රතිඵලදායක විය හැකි අතර එහි ප්‍රතිඵල ඇසුරෙන් නව නිර්මාණ බිහි කිරීමටද හැකිවනු ඇත. එහෙත් සෑම පර්යේෂණයක්‌ම සාර්ථක නොවේ. එහෙත් නව නිර්මාණ බිහිකිරීමට නම් අවදානම නොතකා පර්යේෂණ සිදු කිරීම අනිවාර්ය වෙයි.

 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.