උප සභාපති පොලිසියට තමන්ගේ බලය පෙන්නලා
- මොනරාගල ඩී. අයි. ජී. කියයි

නෝමන් පලිහවඩන

පාරේ යන මිනිස්‌සුන්ට පොලිසිය නිරපරාදේ පහර දෙන්නේ නැහැ. බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොලිස්‌ නිලධාරීන්ට එයාගේ බලය පෙන්නලා තිබෙනවා යෑයි මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු මහතා 'දිවයින'ට පැවැසීය.

උප සභාපති වූ පලියට හෙල්මට්‌ නැතිව මෝටර් සයිකලේ ගමන් යන්න බැහැ. ඔහු තවත් පුද්ගලයකු සමඟ මෝටර් සයිකලේ යද්දී ඔක්‌කම්පිටියේදී පොලිස්‌ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. ඔහු පොලිස්‌ නිලධාරීන් සමඟ බහින්බස්‌ වී පොලිස්‌ නිලධාරීන්ට පහර දී තිබෙනවා. පොලිසියට ගහන විට නිකම් බලන් ඉන්න බැහැ.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඔක්‌කම්පිටිය පොලිස්‌ මුරපළේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබනවා. බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධිය පිළිබඳව සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා" යෑයි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.