කෑගල්ලේ සිසුවාගේ ඝාතනය සෙවීමට ඩී.එන්.ඒ. පරීක්‍ෂණ

චමින්ද සිල්වා - නෝමන් පලිහවඩන



කෑගල්ල වළගම්බා විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ඊයේ (25 වැනිදා) පොලිසිය කටයුතු යෙදීය.

දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා එම ඝාතනය සිදු කළ නියම පුද්ගලයා දැයි සෙවීම සඳහා මෙම ඩී. එන්. ඒ. පරීක්‍ෂණය පවත්වන බව නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් පෙරේරා මහතා ඊයේ (25 වැනිදා) පැවසීය.

මෙම පරීක්‍ෂණය පැවැත්වීමට අදාළ දත්ත ලබා ගැනීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් සිදු කිරීමට කෑගල්ල පොලිසිය මේ වනවිටත් කටයුතු යොදා ඇතැයි ද හෙතෙම කීය.

කෑගල්ල මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සංජීව පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ. මේ අතර සැකකරු ගොළුවෙකු ලෙස හැසිරෙන බව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන කෑගල්ල පොලිසියේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.