ප්‍රතිපාදන කොමිසම නව පත්කිරීම්
චක්‍රලේඛය උල්ලංඝනය කරයි


නිලන්ත මදුරාවල

කොළඹ ඇතුළු ප්‍රධාන විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි තනතුරු දහයකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නව පත්වීම් කිරීම නිසා එම විශ්වවිද්‍යාලවලට පැමිණීමට වසර ගණන් බලා සිටි පිට පළාත් විශ්වවිද්‍යාලවල නිලධාරීහු දැඩි අසාධාරණයකට ලක්‌ව සිටිති.

ස්‌ථානමාරු ලබාදීමෙන් පසුව නව පත් කිරීම් කළ යුතු බවට පවතින චක්‍රලේඛය ප්‍රතිපාදන කොමිෂන් සභාව උල්ලංඝනය කර ඇතැයි එම නිලධාරීහු පවසති.

ඇතැම් නිලධාරීන්ට පිට පළාත් විශ්වවිද්‍යාලවලට මුල් පත්වීම ලැබ වසර හයකට අධික කාලයක්‌ තිස්‌සේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකට පැමිණීමට නොහැකිව සිටියදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි තනතුරට අලුතින් බඳවා ගත් නිලධාරීන්ට මුල්පත්වීම ලෙස ප්‍රධාන විශ්වවිද්‍යාල ලබාදීම අසාධාරණයක්‌ යෑයිද ඔවුහු සඳහන් කරති.

මෙම අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇතැම් නිලධාරීන් කටයුතු කරන බව දැනගන්නට තිබේ.

මෙතෙක්‌ නව නිලධාරීන් පත්කළේ ස්‌ථාන මාරු ලබා දීමෙන් පසුව ඇති වන පුරප්පාඩු සඳහා බවද එම නිලධාරීහු කියති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.