අධි ආරක්‍ෂිතයේ ඉඩම් නිරීක්‍ෂණයට පැමිණි පිරිස හරවා යවයි

කීර්ති වර්ණකුලසූරිය

යාපන අර්ධද්වීපයේ වලිකාමම් උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි ඉඩම් නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණි ද්‍රවිඩ ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රමුඛ පිරිසක්‌ සහ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනකු හමුදා බලධාරීන් විසින් ආපසු හරවා යවා ඇත.

මෙම ඉඩම්වල නිසි හිමිකරුවන් වෙනුවට ඒවා නිරීක්‍ෂණයට පැමිණ ඇත්තේ මොවුන් යෑයි හමුදා ආරංචි මාර්ග පැවසීය.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සමඟ ඒ. ගජේන්ද්‍රන් ද, නීතිවේදීන් හයදෙනකු හා කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානි පාක්‍යසෝති සරවනමුත්තු හා කමනි ෆොන්සේකා ද මෙසේ පැමිණ ඇත.

අධි ආරක්‍ෂක කලාපය තුළ පිහිටි ඉඩම් විමර්ශනය කිරීමට ඉඩ දිය නොහැකි යෑයි හමුදා බලධාරීන් තවදුරටත් දන්වා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.