සුපිරි වෙළෙඳසල් 33 කට නඩු දමයි

ලසිත දුමින්ද

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් එළවළු සහ පලතුරු අලෙවි කළ සුපිරි වෙළෙඳසල් 33 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන ඇත.

සුපිරි වෙළෙඳසල්වල වැඩි මිලට එළවළු හා පලතුරු අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබිණි. ඒ අනුව මෙම වැටලීම් සිදුකර තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, කුරුණෑගල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි සුපිරි වෙළෙඳ සල්වල එම වැටලීම් කර ඇත.

පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශය සහ ක්‍ෂණික වැටලීම් ඒකකය විසින් එම වැටලීම් සිදුකර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.