නරක්‌ වූ හාල්මැස්‌සන්ට පිරිසක්‌ පොරකති

අනුර බාලසූරිය

විනාශ කිරීමට නියමිතව ඇති පණුවන් ගසා දුගඳ හමන වියළි හාල්මැස්‌සන් කිලෝග්‍රෑම් එකොළොස්‌දහස්‌ හාරසියයක (11400) තොගයක්‌ රේගුවෙන් මුදා ගැනීමේ ප්‍රබල උත්සාහයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතී.

පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඇති බවට ආහාර පාලක විසින්a නිර්දේශ කොට විනාශ කිරීමට නියෝග කර තිබියදී පෙරේදා (24 දා) ආහාර පාලක අංශයේ නිලධාරීන් පිරිසක්‌ පැමිණ යළි එම හාල්මැස්‌සන් තොගයෙන් සාම්පල් රැගෙන යැමෙන් ඒවා මුදාගැනීමේ තැතක්‌ පවතින බවට රේගුවට සැක පහළ වී ඇත.

අඩි 40 ක කන්ටේනරයක බහා ඩුබායි සිට මෙරටට ගෙනැවිත් තිබූ මෙම වියළි හාල්මැස්‌සන් තොගය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඒවා බැවින් රේගුව මගින් පසුගිය මස 28 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන්පසු මෙම වියළි හාල්මැස්‌සන් තොගය පරීක්‍ෂාවට ලක්‌ කළ ආහාර පාලකවරයා මිනිස්‌a පරිභෝජනයට නුqසුදුසු බවට නිර්දේශ කොට විනාශ කරන ලෙස රේගුවට නියෝග කර තිබිණි.

මෙලෙස විනාශ කිරීමට නියෝග කර තිබෙන මෙම වියළි හාල්මැස්‌සන් තොගයෙන් කොටසක්‌ හෝ ආහාර පාලක අංශයේ මැදිහත්වීමකින් නිදහස්‌ කර ගැනීමට අදාළ ව්‍යාපාරිකයා දැඩි උත්සාහයක්‌ ගනිමින් සිටින බව රේගුව පවසයි.

මෙම වියළි හාල්මැස්‌සන් තොගය මේ වන විට පණුවන් ගසා දැඩි දුගඳක්‌ හමන තත්ත්වයේ පවතින බව රේගුව සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.