ශ්‍රී ලංකාවේ මුළු දුරකථන ප්‍රමාණය ලක්‍ෂ 238 ට නඟී

ප්‍රියදර්ශන ලියනගේ

ශ්‍රී ලංකාවේ මුළු දුරකථන ප්‍රමාණය 2012 වසර තුළදී ලක්‍ෂ දෙසිය තිස්‌ අටක්‌ දක්‌වා (මිලියන 23 .8) සියයට 8.4 කින් වැඩි වී තිබේ.

මෙම වැඩි වීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඛ්‍යාව 2012 වසර තුළදී වාර්තාගත ලෙස සියයට 10.9 කින් ඉහළ යැමයි.

2011 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව 87.8% ක්‌ විය. 2012 වසර තුළදී එම ප්‍රමාණය 100% දක්‌වා වැඩිවී ඇත. මේ අනුව පුද්ගලයන් සියයකට ඇති දුරකථන සංඛ්‍යාව සියයට 11.2 ක්‌ බවට පත්වී ඇත.

වාණිජ වශයෙන් ජංගම දුරකථන අලෙවී කිරීම ශ්‍රී ලංකාවේ ආරම්භ කළේ 1989 වසරේදීය.

2011 වසරේදී සියයට 5 ක වර්ධනයක්‌ පෙන්නුම් කළ ස්‌ථාවර රැහැන් සහිත දුරකථන ප්‍රමාණය 2012 වසරේදී සියයට 6.1 කින් වැඩිවී ඇත. නමුත් දුරකථන සේවා සැපයුම්කරුවන් අතර සිදුවන ඒකාබද්ධ වීම් සහ ආදායම් නූපදවන සම්බන්ධතා ඉවත් කිරීම හේතුවෙන් ස්‌ථාවර රැහැන් සහිත දුරකථන ප්‍රමාණය සියයට 8.1 කින් පහත වැටි ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.