ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බක්‌මහ උළෙල....



ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 24 වැනි වරටත් සංවිධානය කළ බක්‌මහ උළෙල පසුගිය 14 වැනිදා තෝකියෝ හි වෝµq උප නගරයේදී එහි නගරාධිපති යෝෂිකි නගතමෝ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකා - ජපන් සංස්‌කෘතික සංදර්ශනයන්ගෙන් හා කොට්‌ටා පොර, බනිස්‌ කෑම, කණා මුට්‌ටිය බිඳීම, බැලුන් පිපිරවීම, විකට ඇඳුම් තරගය, අවුරුදු කුමරිය තේරීම ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසකින් මෙම බක්‌මහ උළෙල සමන්විත විය.

දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීම, සංස්‌කෘතිකමය හුවමාරුව අරමුණු කරගෙන පැවැති මෙම බක්‌මහ උළෙල ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ මඟපෙන්වීම පරිදි තානාපති කාර්යාලය ඇතුළු ස්‌වෙච්ඡා සංවිධාන එක්‌ව සංවිධානය කර තිබිණි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.