වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාවය පිළිබඳ
ශ්‍රී ලංකා - චීන ඒකාබද්ධ කමිටු සැසිය පැවැත්වේ


ශ්‍යාම් නුවන් ගනේවත්ත



වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකා - චීන 5 වැනි ඒකාබද්ධ කමිටු සැසිය පෙරේදා (අප්‍රේල් මස 24) කොළඹදී පවත්වන ලදී. දෙරට අතර වෙළෙ¹ම, සංචාරක කර්මාන්තය හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ මෙම සැසියේදී දීර්ඝව සාකච්ඡා කළ බවත් දෙපාර්ශ්වය විසින් ඵලදායී එකඟතා රැසකට එළඹුණු බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරේ අතිරේක කාර්යයන් හා ඊට අදාළ උපකරණ සපයා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 147 ක සහන මූල්‍යාධාර ගිවිසුමකට හා ශ්‍රී ලංකාව හා චීනය අතර ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතාව වර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මූල්‍යාධාර ගිවිසුමකටද මෙහිදී දෙරට විසින් අත්සන් තබනු ලැබීය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අදාළ ගිවිසුම්වලට දෙරටේ නියෝජිතයන් අත්සන් තැබූ අයුරුයි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.