Food Festival ගල්කිස්‌ස හෝටලයේදී

සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක්‌ සකසා ගැනීම, රෝගවලින් තොර ආහාර වේලක වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ඇතුළත්ව සිංහ සමාජ දිස්‌ත්‍රික්‌ 306 සී 1 සංවිධානය කරනු ලබන ආහාර මහෝත්සවය (Food Festival) සහ ආහාර සැකසුම් දැක්‌ම ගල්කිස්‌ස මහ හෝටලයේදී අප්‍රේල් 28 වැනි ඉරුදින ප.ව. 4.00 සිට රාත්‍රි 11.30 දක්‌වා පැවැත්වේ.

ප්‍රවීණ සූපවේදී විශේෂඥ ආචාර්ය පබිලිස්‌ සිල්වා මහතා සමගින් සෙසු සූපවේදීන් සහභාගි වන මෙම වැඩසටහනේදී වටිනා දේශන රැසක්‌ද පැවැත්වේ. දඹානේ ආදිවාසීන්ගේ කිරි කොරහේ නැටුම සමගින් ඔවුන්ගේ ආහාර පෝෂ්‍යදායී අන්දමින් සකසා ගැනීම පිළිබඳව විශේෂ වැඩසටහනක්‌ද පැවැත්වෙන බැව් සිංහ සමාජ දිස්‌ත්‍රික්‌ 306 සී - 1 වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය භාර සභාපති සිංහ භාරත සුභසිංහ මහතා "දිවයින" ට පැවසීය.

දෙමාපියන්ට, කුඩා දරු දැරියන්, තම හිතවතුන් මිතුරු - මිතුරියන් සමගින් මෙම වැඩසටහනට නොමිළයේ සහභාගි වී විවිධ විනෝදාත්මක වැඩසටහන්, ළමුන් සඳහා විශේෂාංග රැසක්‌ද, සයුරේ ස්‌නානය කිරීමේ සුරක්‍ෂිත අවස්‌ථාවන්ද මෙහිදී හිමි වන අතර, විශේෂ සංගීත වැඩ සටහන්වලින් සමන්විත වන අතර, මේ සම්බන්ධ වැඩිවිස්‌තර සිංහ භාරත මහතා 0773248542, සිංහ මෙරිල් සිල්වා මහතා 0777578163 සහ නිමන්ති මහත්මිය 0773238803 ජංගම දුරකථන මගින් ලබා ගත හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.