පෝය දා සුරාබදු නීති කඩලා
කොළඹ රාත්‍රි සමාජ ශාලා හතරකට නඩු

ලසිත දුමින්ද

සුරාබදු කොන්දේසි කඩකළ කොළඹ ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලා හතරක්‌ ඊයේ (25 වැනිදා) අලුයම වැටලූ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඒවායේ බලපත්‍රධාරීන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.

පෝය දිනය යෙදී තිබූ ඊයේ (25 දා) දිනයේ මෙම සමාජ ශාලා තුළ මත්පැන් ගබඩා කර තැබීම, මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් පීඨිකා පැවැත්වීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

කොල්ලුපිටිය, බම්බලපිටිය සහ තිඹිරිගස්‌යාය යන ප්‍රදේශවල පිsහිටි සමාජ ශාලා හතරක්‌ මෙසේ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් වටලා තිබේ.

සුරාබදු කොමසාරිස්‌ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස්‌ මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌ වසන්ත දිසානායක, සුරාබදු අධිකාරි රොහාන් විඡේරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති රොස්‌මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්‍ෂකවරුන් වන තිලක්‌ දිසානායක, රණවීර, මුණසිංහ, දේශප්‍රිය, සැරයන්වරුන් වන සරත්, ලක්‌මාල්, රාමනායක, විඡේසිංහ, නියාමකවරුන් වන රවී රත්නායක, බණ්‌ඩාර, රුද්‍රිගු, රියෑදුරන් වන සරත්, ජයන්ත හා ඒකනායක යන නිලධාරීහු වැටලීම් සිදුකළහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.