සිවු හැවිරිදි දරුවාට වස පොවා මවත් වස බීලා

කහටගස්‌දිගිලිය - ජී රාජරත්න

26 හැවිරිදි මවක්‌ තම සිවු හැවිරිදි දරුවාට කිරි සමඟ වස මුසුකොට පොවා ඇයද වස පානය කිරීමේ සිද්ධියක්‌ කහටගස්‌දිගිලිය දිසාරෝහලෙන් වාර්තා වේ.

වාස පානය කළ මව සහ දරුවා පසුගිය 21 වැනිදා කහටගස්‌දිගිලිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මේ කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබළෙකි. නිවසේ සඟවා තිබූ කෘමිනාශක කැට කිරිවලට මුසුකර දරුවාටද පොවා ඇයද පානය කර ඇති බවත් මෙය පවුල් ආරවුලක්‌ මත ඇතිවූ සිදුවීමක්‌ බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

කහටගස්‌දිගිලිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක විඡේරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. සුමනවීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.