වත්තල-මාබෝල උප නගරාධිපති ගිය වෑන් රථයට වෙඩි
උප නගරාධිපති දිවගොස්‌ දිවි බේරාගනී

ක¹න විශේෂ - රුක්‌මන් පින්තු

වත්තල මාබෝල උප නගරාධිපතිවරයා ගමන්ගත් වෑන් රථයට ඊයේ (25 වැනිදා) දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් උප නගරාධිපතිවරයාගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙනි.

උප නගරාධිපති ටී. එම්. රිෂාන් මහතා වෑන් රථය බංගලාවත්ත ඕවිටි මාවතේදී ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ ත්‍රිරෝද රථයක්‌ පාර හරහා නතර කර එහි සිටි පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. ඒ සමගම උප නගරාධිපතිවරයා වෑන් රථයෙන් බැස දිවගොස්‌ ජීවිතය බේරාගෙන තිබේ.

වෙඩි ප්‍රහාර වෑන් රථයේ දකුණු පස පැති කණ්‌ණාඩියට වැදී ඇත.

දහවල් 12.30 ට පමණ මෙම සිද්ධිය වී ඇති බවට පොලිසිය සඳහන් කරයි. වත්තල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. මෙතෙක්‌ කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.