උණුවතුර බෝතලෙන් ගංජා පනී

වැලිගම - රන්ජන් ජයවර්ධන

උණුවතුර බෝතලයක සඟවාගෙන ගංජා වෙළ¹මේ යෙදුණු කාන්තාවක්‌ ගංජා මිලි ග්‍රෑම් 21700 (විසිඑක්‌ දහස්‌ හත්සියයක්‌) සමග මිදිගමදී අත්අඩංගුවට ගැනීමට මාතර පොලිස්‌ කොට්‌ඨාස දූෂණ මර්දන අංශය සමත් වී තිබේ. ලැබුණු තොරතුරක්‌ මත ඇයගේ නිවස පරික්‍ෂා කළත් ගංජා පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ ලැබී නැත. පසුව පොලිස්‌ නිලධාරියකු මේසයක්‌ මතවූ උණුවතුර බෝතලයේ මූඩිය විවර කළ විට ඒ තුළ ගංජා තිබී ඇත. එම උණුවතුර බෝතලයේ පිටත බඳුන මිස ඇතුළත වීදුරු බඳුනද තිබී නැත.

65 හැවිරිදි සැකකටයුතු කාන්තාව වැලිගම පොලිසිය මගින් මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.