ආනයනයට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 12,000 ක්‌ අත්අඩංගුවට
මාබෝලේ ගබඩාව වටලයි

ලසිත දුමින්ද

අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ කසළ තේ තොගයක්‌ වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක තිබී පෙරේදා (24 දා) විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමග සැකකරුවෝ දෙදෙනෙක්‌ ද අත්අඩංගුවට පත්වූහ. කිලෝ ග්‍රෑම් දොළොස්‌ දහසක්‌ පමණ වන මෙම කසළ තේ තොගය ඉරානයට සහ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කිරීමට සූදානම් කර තිබී ඇතැයි විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුවන් සහ කසළ තේ තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා වත්තල පොලිසියට භාරදී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.