පියා සමඟ බෙහෙත් ගන්න ගිය දැරිය
රැගෙන ගොස්‌ අතවර කරලා

52 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා මාකොළ - සචිත්‍ර ඇල්වලගේ

මාකොළ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට 52 හැවිරිදි තිදරු පියෙකු විසින් ලිංගික අපයෝජනයක්‌ සිදුකර ඇත. මේ සම්බන්ධව පොලිසිය විසින් විමර්ශන කටයුතු කිරීමේදී එම දැරියට 2010 වසරේදී ලිංගික අපයෝජනයක්‌ සිදුකළ 47 හැවිරිදි එක්‌ දරු පියෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ තිදරු පියා දෙකටන ප්‍රදේශයේද එක්‌ දරු පියා මාකොළ ප්‍රදේශයෙද පදිංචිකරුවන් වන අතර ඔවුන් මහර මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉකුත් සෙනසුරාදා (20 වැනිදා) රාත්‍රියේ එම දැරියගේ අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පියා සමඟ ඇය මාකොළ දේවාල පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස්‌ තිබේ. පසුව පියා වෛද්‍යවරයාට දැරිය පෙන්වීම සඳහා අංකයක්‌ ලබා ගැනීමට බෙහෙත් ශාලාව තුළට ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ඒ අසල වාහනයක සිටි එම තිදරු පියා දැරිය රවටා ගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරු පාරකට රැගෙන ගොස්‌ මේ අපරාධය සිදුකර තිබෙන බවට පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.