ඊයේ පෝයදා දුප්පත් අයට ඇයි කෙණෙහිලිකම්...
කළුතර බෝ සමිඳු අසල මල්
අලෙවි කළ වෙළෙන්දෝ අත්අඩංගුවට


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ



කළුතර ඓතිහාසික බෝ සමිඳුන් අසල පදික වේදිකාවේ බැතිමතුන්ට මල් අලෙවි කරමින් සිටි නවදෙනකු කළුතර දකුණ පාරිසරික පොලිසිය මගින් ඊයේ (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.

බැතිමතුන්ට හිරිහැර වන අන්දමින් වෙළෙඳාම් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හත්දෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

මොවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව කළුතර දකුණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.