අනාරක්‌ෂිත ළිඳට වැටී එක්‌ අවුරුදු දරුවා මියයයි

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක



මිනුවන්ගොඩ, දෙමටගොල්ල, මොරගොල්ල ප්‍රදේශයේ ජලය පිරි අනාරක්‌ෂිත ළිඳට වැටීමෙන් අවුරුදු 01 යි මාස 06 ක පිරිමි දරුවකු මියගොස්‌ තිබේ.

පෙරේදා (24 දා) සවස 5.00 ට පමණ මව සමග මිදුලේ දරුවා සිට ඇති අතර මව නිවස තුළට ගොස්‌ ආපසු මිදුලට පැමිණ බැලීමේදී දරුවා එහි සිට නැත අසල්වැසියන්ද සමග සොයා බැලීමේදී නිවස ආසන්නයේ ඇති ජලය පිරි ළිඳේ තිබී දරුවාගේ මළ සිරුර හමුවී ඇත. ඊට දින 06 කට පෙර දරුවාගේ පියා රැකියාවක්‌ සඳහා විදේශගතව ඇතැයි පොලිසිය පවසයි.

මියගිය සතිශ්ක මධුලෝසන දරුවාගේ මෘත දේහය මිනුවන්ගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‌ෂණය මිනුවන්ගොඩ දිසා රෝහලේදී ඊයේ (25 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. නිශේන්ද්‍ර පතිරාජ මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‌ෂණ සිදු කරනු ලබයි.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.