එකම ගමේ කපුවෝ දෙදෙනෙක්‌
දේවාරූඪයෙන් ගුටි ඇන ගනිති


සීගිරිය - සරත් එරමිණිගම්මන

"දෙවියන්ගේ සත්‍ය ක්‍රියාවන්" උරගා බැලීමට ගිය දඹුල්ල ඇටවරාහේන ගම්මානයේ පදිංචි කපුවන් දෙදෙනකු දේවාරූඪයෙන් ගුටි ඇන ගැනීමෙන් තුවාල ලබා ඊයේ (25 දා) පෙරවරුවේ දඹුල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිති.

එකම ගමේ පදිංචි මෙම කපුවන් දෙදෙනාම දේවාරූඪයෙන් සාස්‌තර කියන අතර එක්‌ කපුවකු අනෙකා පරයා තමා නියම දේවාරූඪයෙන් ශාස්‌තර කියන බවට වහසි බස්‌ දොඩා ඇත. මේ සම්බන්ධයෙන් එහි ඇති සත්‍ය පෙන්වීමේ අභියෝගය දෙදෙනාම 25 දා පෙරවරුවේ භාරගෙන එක්‌ කපුවෙකුගේ දේවාලයක්‌ තුළදී දෙදෙනාම දේවාරූඪ වී ඇත. එකිනෙකා පරදා දෙදෙනාම දෙවියන් ආරූඪ වී ඇතැයි පවසමින් දේවාරූඪයෙන්ම ගුටි ඇනගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ සිද්ධිය සමථයකට පත් කිරීමට සාස්‌තර බලන්නට පැමිණි අයට සිදුව තිබේ.

පසුව දෙදෙනාම රෝහල් ගත වී ඇත.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.