15 වසරකට පසු ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයෙක්‌
ජගත් පාපන්දු සභාපතිවරයා මුණ ගැසෙයි


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඉකුත්දා ජගත් පාපන්දු සම්මේලන සභාපති සෙත් බ්ලැටර් මහතා ජගත් පාපන්දු සම්මේලනය මූලස්‌ථානයේදී (ස්‌විට්‌සර්ලන්තය) හමුවී ශ්‍රී ලංකා පාපන්දු ක්‍ෂේත්‍රයට අදාළ කරුණු රැසක්‌ සාකච්ඡා කරන ලදී.

අභිනව ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාගේ පළමු නිල සංචාරය මෙය වන අතර අදාළ අවස්‌ථාව සනිටුහන් කිරීම සඳහා රුද්‍රිගු මහතා විසින් බ්ලැටර් මහතාට සමරු ඵලකයක්‌ පිළිගැන්වූ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.

ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයෙක්‌ ජගත් පාපන්දු සභාපතිවරයෙක්‌ නිල වශයෙන් හමුවූයේ මෙයට 15 වසරකට පෙර බව වාර්තා වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.