මුම්බායි හයට නගියි

කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක්‌ ලැබූ මුම්මායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායම අයි.පී.එල්. ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි ස්‌ථානයට පත්විය.

මෙම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ කල්කටා කණ්‌ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 159 ක්‌ ලබා ගත් අතර පිළිතුරු ලෙස මුම්බායි කණ්‌ඩායම පන්දුවක්‌ ඉතිරිව තිබියදී කඩුලු පහක්‌ පමණක්‌ දැවී ලකුණු 162 ක්‌ ලබා තරගය ජය ගැනීමට සමත් විය.

මුම්බායි ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිති ප්‍රහාරයක්‌ දියත් කළ ඩ්වයින් ස්‌මිත් බ්‍රාවෝ පන්දු 45 කදී හතරේ පහර 3 ක්‌ සහ හයේ පහර පහක්‌ සමග ලකුණු 62 ක්‌ ලබා ගැනීමට සමත් විය.

අයි.පී.එල්. තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ක්‍රියාත්මක වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස්‌ බැංගලෝර් කණ්‌ඩායම සමත්ව සිටියි. ඔවුන් තරග අටකදී ජයග්‍රහණ හයක්‌ ලබා තිබේ. චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම එහි දෙවැනි ස්‌ථානයත් සන්රයිසස්‌ හයිද්‍රdබාද් කණ්‌ඩායම තෙවැනි ස්‌ථානයට පත්ව තිබේ.

ලකුණු තත්ත්වය

කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 159 යි. (ගෞතම් ගාම්භීර් 26, ජැක්‌ කලීස්‌ 37, මනෝඡ් තිවාරි 33, ඉයන් මෝගන් 31, මිචෙල් ජොන්සන් 26/2, මාලිංග 25/2 යි.)

මුම්බායි ඉන්දියන්ස්‌ පන්දුවාර 19.5 කදී කඩුලු 5ට ලකුණු 162 යි. (ඩ්වයින් ස්‌මිත් 62, රෝහිත් ෂර්මා 34, කිරාන් පොලාඩ් 33, සුනිල් නාරායන් 17/2, සචිත්‍ර සේනානායක 50/1 යි.)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.