ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ රථවාහන පූර්ණ
රක්‍ෂණාවරණ හිමියන්ට 'ලෝයල්ටි රිවෝඩ්ස්‌'
වෙතින් විශේෂ වට්‌ටම්


ලසිත දුමින්ද


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සමාගමේ මෝටර් ප්ලස්‌ ලෝයල්ටි රිවෝඩ්ස්‌ වැඩපිළිවෙල හඳුන්වාදීම පිළිබඳ පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේ පැවති උත්සවයේදී විශේෂ වට්‌ටම් ලබා දෙන ආයතනවල ප්‍රධානීන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි මොහාන් ද අල්විස්‌ මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ රථවාහන පූර්ණ රක්‍ෂණාවරණ හිමියන්ට මෝටර් ප්ලස්‌ ලෝයල්ටි රිවෝඩ්ස්‌ නමින් තෝරාගත් ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්‌ වෙතින් විශේෂ වට්‌ටම් ලබාදීමේ වැඩපිළිවෙලක්‌ ආරම්භ කර ඇත.

තම රථවාහන රක්‍ෂිතයන් ඇගයීමට ලක්‌ කරනු වස්‌ මෝටර් ප්ලස්‌ ලෝයල්ටි රිවෝඩ්ස්‌ වැඩපිළිවෙල ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරි මොහාන් ද අල්විස්‌ මහතා පැවසීය.

මෙම ක්‍රමය යටතේ වාහන හිමියන්ට අලුතින් මෝටර් ප්ලස්‌ රථවාහන රක්‍ෂණයක්‌ ලබා ගන්නා අවස්‌ථාවේදී හා තම රථවාහන රක්‍ෂණය අලුත් කරන අවස්‌ථාවේදී මෝටර් ප්ලස්‌ ලෝයල්ටි රිවෝඩ්ස්‌ අත්පොත ලබා ගැනීමට හැකියාව තිබේ.

තම රක්‍ෂිතයාට මෝටර් ප්ලස්‌ පූර්ණ කාඩ්පත සහ අත්පොත ඉදිරිපත් කිරීමෙන් මෙම විශේෂ සහනදායී වට්‌ටම් ලබා ගත හැකිය.

සෙනොක්‌ ඔටෝමොබයිල්, මිචලින් ටයර්, කිංස්‌බරි හෝටලය, ජෝන් කීල්ස්‌ හෝටල් සමාගමේ සිනමන් සහ ඡායා හෝටල් සමූහය, ගැලරි බුටික්‌ සමාගම, කැල්ටෙක්‌ස්‌ ඔයිල් සමාගම, ක්‌ලෙවින් බර්ග්ස්‌ සමාගමේ ලුකස්‌ බැටරි, සෙනොක්‌ ඇවියේෂන් සමාගම, ඩීඑස්‌අයි, රොසෙල් බාත් වෙයාර්, සන්ලංකා ඔටෝ ටේ්‍රඩර්ස්‌, එම්. එම්. ඕගනයිසේෂන් යන සමාගම් වෙතින් දැනට මෙම ක්‍රමය යටතේ විශේෂ වට්‌ටම් ලබා ගැනීමට රක්‍ෂිතයාට හැකියාව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ බිලියන 6 ක ප්‍රාග්ධනයකින් සහ බිලියන 107 ක වත්කමකින් හෙබි දිවයිනේ ප්‍රධාන පෙළේ රක්‍ෂණ සමාගමකි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.