කොමර්ෂල් බැංකුව  15 වැනි වරටත්
ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිදුම් ලබයි



ලොව සුප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක්‌ වන ග්ලෝබල් ෆයිනෑන්ස්‌ සගරාව විසින් පසුගිය වසර 20 තුළ එළිදක්‌වන ලද වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලදී පිට පිටම වසර 15 ක්‌ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස පිදුම් ලබමින් කොමර්ෂල් බැංකුව තවත් වාර්තාවක්‌ පිහිටුවා ඇත.

ගැඹුරු සමීක්‍ෂණයක්‌ මගින් සඟරාව විසින් තෝරා ගන්නා ලද ආසියාවේ හොඳම නැගී එන වෙළෙඳ පොළ බැංකු 22 ක ලැයිස්‌තුව, සඟරාවේ 2013 මැයි කලාපය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොමර්ෂල් බැංකුවද ඇතුළත් වන මෙම ග්ලෝබල් ෆයිනෑන්ස්‌ ලැයිස්‌තුවට අයත් වන ගෝලීය මූල්‍යායතන ලෙස හොංකොංහි, HSBC ඕස්‌ටේ්‍රලියාවේ ANZ සමූහය, චීනයේ ඉන්ඩස්‌ටි්‍රයල් ඇන්ඩ් කොමර්ෂල් බැංකුව, ඉන්දියාවේ HDFC බැංකුව, ජර්මනියේ ඩොයිෂ් බැංකුව, ප්‍රංශයේ බී. එන්. පී. පරිබාස්‌ බැංකුව, එංගලන්තයේ බාක්‌ලේස්‌ බැංකුව, ඇමරිකාවේ බෑන්ක්‌ ඔෆ් ඇමරිකා, ඒ ඒ කලාපවලින් අයත් වේ.

මෙම සම්මානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, රවී ඩයස්‌ මහතා මෙසේ පැවසීය. "ග්ලෝබල් ෆයිනෑන්ස්‌ විසින් ලබාදුන් මෙම ඇගයීම ශ්‍රී ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රය තුළ අපගේ ව්‍යාපාරික කටයුතුවල ශක්‌තිය සනාථ කිරීමක්‌. මේ ආකාරයෙන් ගෞරවයක්‌ මගින් අපගේ කණ්‌ඩායමට ලබාදෙන්නේ විශාල ධෛර්යයක්‌."


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.