සිංගර් අවුරුදු ධන නිධානයේ ජයග්‍රාහකයෝ
80 දෙනෙක්‌ රුපියල් මිලියන 8 ක්‌ දිනාගනිති


තවත් මිලියන 12 ක්‌ දිනා ගැනීමට අවස්‌ථාව



"සිංගර් අවුරුදු ධන නිධානය" ප්‍රවර්ධන වැඩසටහන මගින් සෑම දිනකම එක්‌ ජයග්‍රාහකයකු බැගින් ජයග්‍රාහකයන් 80 දෙනකු වෙත රුපියල් මිලියන 8 ක මුදලක්‌ ලබාදී තිබේ.

සිංගර් ප්‍රධාන කාර්යාලයේදී සමාගම් ඉහළ කළමනාකාරීත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අදාළ ජයග්‍රාහකයන් තෝරාගෙන ඇත.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි කළමනාකාර අධ්‍යක්‍ෂ නසාර් මජීඩ් මහතා - මෙම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කළේ අපගේ පාරිභෝගිකයන් විශ්මිත කිරීමටයි. මේ වන විට පාරිභෝගිකයන් 80 දෙනකු පුදුමයට පත් කරමින් අලුත් අවුරුද්දට පෙර විශාල ත්‍යාග මුදලක්‌ අපි ලබාදී තිබෙනවා" යෑයී පැවසීය.

"සිංගර් අවුරුදු ධන නිධානය" ප්‍රවර්ධන වැඩසටහන පෙබරවාරි මාසයේදී හඳුන්වාදී තිබිණි. එය අප්‍රේල් මාසය අවසානය තෙක්‌ ක්‍රියාත්මක වේ. මෙම කාලසීමාව තුළ සිංගර් ප්ලස්‌, සිංගර් මෙගා, සිංගර් හෝම්ස්‌, සිසිල් වර්ල්ඩ් සහ සියලුම බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් රුපියල් 5000 කට වඩා මිලදී ගැනීම් සිදුකරන පාරිභෝගිකයන් හට මෙම ධන නිධානය දිනා ගැනීමට අවස්‌ථාව උදාකරදී තිබේ.

වසර 160 ක්‌ පුරා "සිංගර් ශ්‍රී ලංකා" මෙරට පාරිභෝගිකයන්ගේ අද්විතීය වෙළෙඳ නාමයක්‌ බවට පත්ව ඇත. දිවයින පුරා පැතිරුණු සුවිශාල වෙළෙඳ ජාලයක්‌ සතු එම සමාගම, දිවයින පුරා විසිරුණු අලෙවිස්‌ 370 කට හිමිකම් කියයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පුරා විසිරුණු සිංගර් බලයලත් අලෙවි නියෝජිතයන්ගේ සංඛ්‍යාව 400 කට අධිකය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.