ගබ්සා එන්නත් පසුපස කුමන්ත්‍රණයක්‌ !

නෝමන් පලිහවඩන

පාකිස්‌තාන් අල ගෝනි තොගයක්‌ අතරේ සඟවා ගබ්සා එන්නත් විශාල ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවට එවීමේ සිද්ධිය පසුපස කුමන්ත්‍රණයක්‌ තිබේදැයි ද අත්අඩංගුවේ සිටින පකිස්‌තාන් ජාතික සැකකරුගෙන් රේගුව ප්‍රශ්න කරගෙන යයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පාකිස්‌තාන් ජාතිකයකු පිළිබඳ තොරතුරු ලැබුණු බව රේගුව කියයි.

මෙතරම් විශාල ගබ්සා එන්නත් තොගයක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වූ මෙම සැකකරුවන් මීට පෙරත් මෙම ජාවාරම් කර තිබේදැයි ඔහුගෙන් ප්‍රශ්න කෙරේ.

ගබ්සා එන්නත් තොගය මෙසේ ගෙන්වනු ලැබුවේ කාගේ අවශ්‍යතාවයකටදැයි රේගුව සැකකරුගෙන් ප්‍රශ්න කර ඇතත් ඔහු මෙතෙක්‌ ඒ පිළිබඳව වැදගත් තොරතුරක්‌ ලබාදී නැත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.