2013 ජුලි 24 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

රාජ්‍ය ව්‍යාපාර 72 ක්‌ කඩා වැටෙන අවදානමක්‌
ලංවිම - ඛනිජ තෙල් - මිහින්ලංකාට
අධික අලාභ නිසා 'බරපතළයි'

රාජ්‍ය අංශයේ යම් කඩාවැටීමක්‌ ඇතිවීම වළක්‌වා ගැනීම පිණිස රාජ්‍ය වෘත්තීය වේදීන්ගේ වැටුප් සහ වේතන ඉහළ දැමීම සඳහා මහා භාණ්‌ඩාගාරය වහා පියවර ගත යුතු බවද, විගණකාධිපතිවරයාගේ විෂය පථයට අයත්වන ආයතනවලට අමතරව බාහිර (පෞද්ගලික) ආයතන විසින් විගණනය කරන ආයතනවල ගිණුම් පිළිබඳ විශ්වසනීයත්වයේ ගැටලු පවතින බවද කෝප් වාර්තාවේ නිර්දේශ කර තිබේ.

බ්‍රිතාන්‍යය කිරීටයට තවත් රජ පැටියෙක්‌ උපදී

විලියම් කුමරුට දාව කේට්‌ කුමරිය බිහි කළ මෙම බිලිඳා සම්බන්ධ යෙන් තමන් සතුටට පත්වූ බව චාල්ස්‌ කුමරු හා එලිසබෙත් රැජින ඇතුළු පවුලේ අය පවසා ඇත.


උතුරේ ඡන්දය නිරීක්‍ෂණයට ජාත්‍යන්තර සංවිධාන තුනකට ඇරයුම් කරයි

ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංවිධානය,  මැතිවරණ කළමනාකරණය පිළිබඳ දකුණු ආසියානු සංසදය හා පොදු රාජ්‍ය මණ්‌ඩල නිරීක්‍ෂණ සංවිධාන වෙත ඒ අනුව ලිතව ආරාධනා කර ඇත.

කරුණානිධිගේ පක්‍ෂයෙන්
ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ

කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමෙන් වළකින ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක්‌ කරමින් අගෝස්‌තු 8 ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට තමිල්නාඩු ඩී. එම්. කේ. පක්‍ෂය තීරණය කර ඇත.

දිස්‌ත්‍රික්‌ක 12 කට අදත්
තද වැසි සුළං

කොළඹ, රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හම්බන්තොට, කුරුණෑගල යන දිස්‌ත්‍රික්‌කවලට අද උදැසන කාලයේ වැසි සමඟ ....

උතුරේ ඡන්දයට විදේශ බුද්ධි සේවා මැදිහත් වෙලා
- දයා මාස්‌ටර් කියයි

ද්‍රවිඩ පක්‍ෂයකට සම්බන්ධ අපේක්‍ෂකයන් දෙදෙනකුට මෙම බුද්ධි සේවාව සහාය දක්‌වන බවද ඔහු හෙළිකර තිබේ. මෙම ද්‍රවිඩ පක්‍ෂය එකී විදේශ බුද්ධි සේවාවේ අවශ්‍යතා මත ක්‍රියාකරන බව කියා සිටින දයා මාස්‌ටර් මෙම ක්‍රියාදාමය වහාම නතර කළ යුතු බවද කියා සිටී.

පාර්ලිමේන්තුවට බලය ගෙන ඒමට පොදු අපේක්‍ෂකයෙක්‌ ගේනවා
- කෝට්‌ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

විධායක ජනාධිපති ක්‍රමය නිසා අද පොලිසිය දේශපාලනීකරණය වෙලා. නීතිය එහෙම්පිටින්ම දූෂණය වෙලා. මේ ක්‍රමය අහෝසි කිරීමට නැවත පාර්ලිමේන්තුවට බලය ගෙන ඒමට පොදු අපෙAක්‌ෂකයෙක්‌ අප ගෙන එනවා යයි කෝට්‌ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් ප්‍රකාශ කළහ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තීන්ත ගාන්න ගිය ලක්‍ෂ 57 ක්‌ වතුරේ

එක්‌තරා පෞද්ගලික ආයතනයකට රුපියල් 578500 ක මුදලකට තීන්ත ආලේප කිරීමට ධීවර සංස්‌ථා සභාපති මහීල් සේනාරත්න මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය අනුමැතිය ලබාදී තිබිණි.

කෞතුකාගාරයේ සොරකම
"කන්ගැට්‌ටා" තවදුරටත් රිමාන්ඩ්

මෙහි ප්‍රධාන සැකකරු වන ලන්සගේ ප්‍රියන්ත වේදිස්‌ නොහොත් "කන්ගැට්‌ටා" නමැති සැකකරුට එරෙහිව පුරාවිද්‍යා ආඥ පනත යටතේ චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත්.....

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ව්‍යාජ නෝට්‌ටු
හඳුනා ගන්න යන්ත්‍ර 10ක්‌

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහනවලින් ගමන් කරන පිරිස අද දවසින් දවස වැඩි වෙනවා. ව්‍යාජ මුදල් නෝට්‌ටු රැසක්‌ම මෙහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

ආණ්‌ඩුවට එරෙහිව එජාපයෙන් දේව
කන්නලව් දහසක්‌

නැගෙනහිර පළාතේ ප්‍රථම විෂ්ණු දේව කන්නලව්ව 22 දා රාත්‍රි අම්පාර නවගම්පුර ශ්‍රී සිව්මුණි සෑ වෙහෙර භූමියේ පිහිටි ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී පැවැත්විණි.

අලි කරදරයට එරෙහිව ගම්මු  ප්‍රා. ලේකම් කාර්යාලය වටලති

ඊයේ (23 දා) අලුයම 3.30 ට පමණ මෙසේ අලි ප්‍රහාරයෙන් මියගොස්‌ ඇත්තේ නිවසේ සිට රාජකාරි ස්‌ථානයට යැමට යතුරුපැදියෙන් පැමිණි 43 හැවිරිදි දෙදරු පියකු ....

සුළි කුණාටුවෙන් විපතට පත් එක්‌ පවුලක අයකුට සුදුසු රැකියාවක්‌ දෙනවා
- ඇමැති රාජිත සේනාරත්න

සුළි කුණාටුව නිසා ලංකාවේම 51 දෙනෙක්‌ මියගොස්‌ 10 දෙනකු අතුරුදන් වී ඇතැයිද එයින් මියගිය දහදෙනෙක්‌ හා අතුරුදන් වූවන් දෙදෙනෙක්‌ බේරුවල.....

දකුණු පළාත් සභාවට වාහන සියයක්‌

ටොයෝටා යාරිස්‌ මෝටර් රථ හතක්‌, ටොයෝටා කොරොල්ලා මෝටර් රථ දොළහක්‌ ටොයෝටා හයිලක්‌ස්‌ ඩබල් කැබ් රථ අසූ එකක්‌ මෙසේ කල්බදු ක්‍රමය යටතේ දකුණු පළාත් සභාව මගින් මිලදී ගනු ලැබ ඇති අතර.....

දෙවැනි එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 17 ක ජයක්‌
ප්‍රේමදාස පිටියේ දකුණු අප්‍රිකාව සුපුරුදු පරාජය ලබති

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වසර 11 කින් තරගයක්‌ ජය ගෙන නොමැති දකුණු අප්‍රිකාව, නැවත වරක්‌ එම ක්‍රීඩාංගණයේදී දැක්‌වූ නීරස ක්‍රීඩා විලාශය හමුවේ උපරිමය ඵල නෙළාගත් ශ්‍රී ලංකාව දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනුව ලකුණූ 17 ක ජයක්‌ ලැබීමට ඊයේ (23 දා) සමත් විය.


පක්‍ෂයේ තීරණයෙන් මහ ඇමැති හීනය සුන්වුණා
- ජ්‍යෙෂ්ඨ ඇමැති එස්‌. බී. නාවින්න

දැනගෙන හිටිය නම් මම මහ ඇමැති තරගයට ඉදිරිපත් වෙන්නේ නෑ. පක්‍ෂයේ තීන්දුවට මම හිස නමනවා. මට මොන අසාධාරණකම් සිදු වුණත් මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දාලා යන්නේ නැහැ. පක්‍ෂයට ෙද්‍රdaහි වෙන්නෙත් නැහැ.

රියදුරු බලපත්‍ර ගන්න වැරැදි ලෙස වෛද්‍ය වාර්තා ලබා දීමෙන් වන්දි ගෙවන්නේ රටේ මහජනතාවයි
- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම

ලර්නර්ස්‌ වලින් මේ එකක්‌වත් නොබලා දොස්‌තර අත්සන් කළ ආකෘති පත්‍රයේ හිතේ මට්‌ටමට රුධිර වර්ගය දැම්මා. හිතුමතේ එය පුරවලා නියමිත රුපියල් 750 වෙනුවට රුපියල් 1500 ක්‌ ගත්තා.

සැමගේ ජල අවශ්‍යතා සපුරන ආසියාවේ හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා
- ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

වත්මන් රජය එක ජල බිඳක්‌ අපතේ නොයවනවා සේම එකදු පුද්ගලයකු පිපාසයෙන් තබන්නේ නැතැයිද ජනපතිවරයා පැවැසීය.


බයිබලයේ දැක්‌වෙන ඩේවිඩ් රජුගේ මැඳුර සොයාගනී

ජෙරුසලමට බටහිරින් පිහිටි කිරිබාන් ප්‍රදේශයේ තිබි මෙය හමු වී තිබේ. එම ස්‌ථානයේ තිබී ශිලා ලිපි කීපයක්‌ද හමු වී ඇත.


දේශපාලකයෝ උතුරු අධිවේගය බදා ගනිති
සාමාන්‍ය ජනයාට දේපළ අහිමිවීමේ තර්ජන!


ඇතැම් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත උතුරු අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස්‌ කිරීම නිසා තම දේපොළ අහිsමිවන බව කියමින් රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි තුන්දහසකට අධික පිරිසක්‌ දුම්රිය මාර්ගය අවහිර කරමින් ඊයේ (23) පෙර වරුවේ දැවැන්ත උද්ඝෝ ෂණයක නිරත වූහ.

ප්‍රදේශ රැසකට ඊයේ තද වැසි සහ සුළං


මෙයින් වැඩිම විපතක්‌ සිදුවූයේ කොළඹ දිස්‌ත්‍රික්‌ කයට වන අතර කොළඹ, නාරාහේන්පිට, කිරුළ පාරේ ඊයේ උදේ ගසක්‌ කඩා වැටීමෙන් යතුරුපැදියකින් ගමන් ගත් මහනුවර ප්‍රදේ ශයේ පුද්ගලයකු මියගොස්‌ තිබේ.

සන්ධාන නායකයෝ අද රැස්‌වෙති

චෝදනාවන්ට ලක්‌ව ඇති හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ද මෙම පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණයක්‌ ගනු ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ගෝලීය ද්‍රවිඩ සංසදය විග්නේෂ්වරන්
පත් කිරීම ගැන සතුට පළ කරයි

ද්‍රවිඩ සන්ධානය නම් කර ඇත්තේ නියම මිනිහා යෑයි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරෙන් සුරෙන්ද්‍රන් ප්‍රකාශ කර තිබේ.

සුගතදාස ක්‍රීඩාංගණයේ
ගණන් බහියි!

මීට පෙර සුගතදාස පිටියේ පාපන්දු තරගයකට අයකළ රු. 75000 කුලිය රු. 15000 දක්‌වා අඩුකිරීමට සුගතදාස පාලන අධිකාරිය පියවර ගෙන ඇති අතර ඊට සමගාමී ව බෝගම්බර ක්‍රීඩාංගණයේ කුලියද රු. 6750 දක්‌වා අඩුකිරීමට තීන්දු කොට තිබේ.

හොඳම මිතුරියගෙන් හතුරුකමක්‌

කැමරා පද්ධතියේ සටහන්වී තිබෙන ඡායාරූපය අනුව මුදල් ලබාගෙන ඇත්තේ තම හොඳම මිතුරිය බවට බැංකු කාඩ්පත හිමි මිතුරිය හඳුනාගෙන ඇත.

ලංකා බැංකුව ලෝකයේ ඉහළ පෙළේ බැංකු දහස අතරට

වසර 74 ක ශක්‌තියක්‌, විශ්වාසයක්‌ සහ ස්‌ථාවරත් වයක්‌ ඇති ලංකා බැංකුව 'The Banker'' සඟරාවෙහි 2013 ජුලි කලාපයට අනුව සියලු ශ්‍රී ලාංකීය බැංකු පරයමින් ලෝකයේ ඉහළම පෙළේ බැංකු දහස අතරින්....

වැට්‌ බදු වංචා නඩුව
නඩුවට අදාළ ලේඛන 2006 වර්ෂයේදී අස්‌ථාන ගතවෙලා
වැඩි විස්‌තර කීමට දැනීමක්‌ නැහැ

වැට්‌ බදු වංචා නඩුවේ විත්තියේ සාක්‌කිකරුවකු ලෙස පෙනී සිටින ලෙසට ජයසුන්දර මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණද ඒ මහතා පැමිණ නොසිටි අතර අදාළ දැනුම් දීම නියෝජිතවරියක විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළාය.

නාරාහේන්පිටදී ඊයේ උදේ මාරගසක්‌
ඇඟට කඩාවැටී යතුරුපැදිකරු මියයයි

මෙම ගස කඩාවැටෙන අවස්‌ථාවේ ඊට ආසන්නයටම පෞද්ගලික මගී බස්‌ රථයක්‌ද පැමිණ නතර කර ඇති අතර තව අඩි දෙක තුනක්‌ බස්‌රථය ධාවනය වූයේ නම් එහි මගීන්ට විශාල අනතුරකට මුහුණ පාන්නට සිදුවෙනු ඇති බවද පොලිසිය කියයි.

කරුවලගස්‌වැව සභාපති ඇපමත මුදාහරී
උසාවියෙන් දැඩි අවවාද

වාරිමාර්ග කාර්යාලයේ ක්‍ෂේත්‍ර සහකාරවරයකුට පහරදීමේ සිද්ධියට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි....

උසාවියට භාර වූ ගෝමරන්කඩවල සභාපතිට ශරීර ඇප

පොලිසියට බලහත්කාර යෙන් ඇතුළු වී නිලධාරීන්ට බැණවැඳී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගෝමරන් කඩවල පොලිසිය විසින් ඉදිරිපත් කළ චෝදනාවලට අනුව....

මගේ දුවගේ පැතුම මග මරුවා මරා දැමුවා
පියුමිගේ මව හඬා වැටෙයි

දහවල් උපකාරක පන්තියකට ගොස්‌ බස්‌ රථයකින් පැමිණ බැස නිවෙස බලා පයින් එමින් සිටියදී මෝටර් රථයක ගැටී ටිපර් රථයකට යටවී මියගිය  13 වැනි වසර වාණිජ පන්තියේ ඉගෙනුම ලැබූ පියුමි මධුශානි.....


ජෙහාන් මුබාරක්‌ කැඳවීම ක්‍රිකට්‌ තේරීම් කමිටුවට වැඩ වරදියි!

ලකුණු අතර සිටින නවක ක්‍රීඩකයන් සිටියදී 32 හැවිරිදි ජෙහාන් මුබාරක්‌ නැවත ශ්‍රී ලංකා කණ්‌ඩායමට නම් කිරීම හේතුවෙන් සනත් ජයසූරියගේ සභාපතිත් වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව මේ දිනවල ප්‍රධාන මාර්තෘකාවට බඳුන්ව තිබේ.


විමල් කිව්ව නම් ඒ ගැන ඔහුගෙන්ම අහන්න...මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයන් නැහැ
- ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගම

මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයන් ඉන්නා බව ආණ්‌ඩුවේ ඇමැති විමල් වීරවංශ මහතා කියා තිබෙ නවා... යෑයි රවී කරුණා නායක මහතා කීවේය.

අයවැයට පෙර කෝප් වාර්තාව විවාදයට ගන්න
- ජෝන් අමරතුංග (එජාප)

කෝප් වාර්තාව මුද්‍රණය කර පාර්ලිමේන්තුවට පැමිණෙන තුරු එය විවාදයට ගත නොහැකි නිසා ඉක්‌මනින් මෙය මුද්‍රණය කරන ලෙසද ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

චීන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි

චීනයේ සිදු වූ භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 93 කට අධික යෑයි වාර්තා වේ. 459 ක්‌ වූ සිවිල් වැසියන් ද තුවාල ලබා ඇත. තවත් 14 ක්‌ අතුරුදහන් වී ඇතැයි සහන සේවකයෝ පවසති.



 
  • වෙළෙඳපොළ මුල්කරගත්
    සංවර්ධනයකට අප යා යුතුයි

    DRO නිලධාරීන්ට රජයේ නිවාසයක්‌ ලබාදී තිබූ අතර, එම නිවසට යාබදව ඔවුන්ගේ කාර්යාලය ද පිහිටා තිබුණි. ඔවුනට රජයේ වාහනයක්‌ ද දී තිබිණි. එසේම ඔවුන්ට සෑහෙන විවේක කාලයක්‌ද තිබුණි. ඔවුන්ගේ භාර්යාවන්ටද උපාධිධාරිනියක්‌ නම් ඔවුනට සුදුසු රැකියාවක්‌, ගුරු තනතුරක්‌ ලබා ගැනීමට ද හැකි විය.

  

  


 
  • ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා
    හෙට සිට තෙදිනක්‌ පොළොන්නරුවේදී
    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000ක්‌ තරග බිමේ

    ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්‌ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් රිදී ජුබිලි ජාතික ක්‍රීඩා උළෙල හෙට (25දා) සිට 28 දා දක්‌වා අති උත්කර්ෂවත් අන්දමින් පොළොන්නරුව ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

  

Kapruka Shopping |  News



liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.