අසාද් සාලි එජාපයෙන්

අකිත පෙරේරා

ජාතික සමඟි පෙරමුණ නමින් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවා ගත් අසාද් සාලි මහතා මෙවර මධ්‍යම පළාත් සභාවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට නියමිතය.

මධ්‍යම පළාතේ මහනුවර දිස්‌ත්‍රික්‌කය සඳහා අසාද් සාලි මහතා ඉදිරි පළාත් මැතිවරණයේදී තරග කිරීමට නාම යෝජනා දී ඇතැයි එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා 'දිවයින' ට පැවැසීය.

අසාද් සාලි මහතා එජනිස මන්ත්‍රීවරයකු ලෙස කලක්‌ කොළඹ මහ නගර සභාවේ කටයුතු කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.