දිය රකුසාට බිලිවෙන්න ගිය
ජීවිත දෙකක්‌ බේරාගත් ප්‍රා. සභා මන්ත්‍රීට ප්‍රණාමය

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ

ත්‍රාසයටත් භීතියටත් පත්ව කතා කරගත නොහැකිව කිරි දරුවන් දෙදෙනකු අතින් කළ සංඥවක්‌ තේරුම්ගෙන දියේ ගිලී මිය යන්නට ඉඩ තිබූ පියවරුන් දෙදෙනකුගේ ජීවිත බේරාගත් අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්aත්‍රී එන්. කේ. කේ. බුලත්සිංහල මහතාට 06 දා පැවැති මාසික

රැස්‌වීමේදී සභාවේ ප්‍රණාමය පුද කරනු ලැබීය.

තම දිවි පරදුවට තබා සිදු කළ මෙම වීර ක්‍රියාව ගැන zදිවයිනZ කළ විමසුමේදී ඔහු පැවසුවේ මෙසේය.

පසුගිය ඉරිදා සවස දෙකයි තිහට විතර ඇති. වල්ගම්මුල්ල ප්‍රදේශයේ කඹුරාගල්ල වරකාකඩවල මංකඩ අසල කොන්ක්‍රීට්‌ පාරේ මම යතුරු පැදියකින් යමින් සිටියා. මංකඩ පැත්තේ සිට කොන්ක්‍රීට්‌ පාරට පැමිණි අවුරුදු හතර හමාරක පමණ දරු දෙදෙනකු මට අතින් සංඥාවක්‌ කළා. කිසියම් අවදානමක සේයාවක්‌ එම සංඥව තුළ තිබුණ නිසා යතුරුපැදිය නවතා දරු දෙදෙනාද සමග මංකඩ දෙසට දිව්වා.

වෑන් රථයක්‌ද තිබුණා. දෙදෙනකු වතුරේ දිය සුළි සමග දිවි බේරාගන්න අසාර්ථක උත්සාහයක නියෑලෙමින් සිටියා. වහාම ක්‍රියාත්මක වූ මම දියට පැන්නා. අයෙක්‌ මගේ කකුලේ එල්ලුනා. මම එල්ලෙන්න දුන්නේ නැහැ. එහෙම වුණා නම් තුන්දෙනාම ඉවරයි. ඔහු වැළකූ මම දියේ ගිලෙන කෙනෙක්‌ ගොඩ ගැනීමේ මනා හුරුවක්‌ ඇති නිසා මගේ ජීවිතයත් බේරාගෙන දෙදෙනාම එකවර ගොඩට ගෙනාවා.

අසල තිබූ වෑන් රථයෙන් පැමිණ ඇති මෙම පියවරුන් දරු දෙදෙනා නහවා ගොඩතබා ඔවුන් දියේ බෝල ගසමින් සිටිද්දී මෙසේ දිය සුළියකට හසුවී ගසාගෙන ගොස්‌ ඇති බවත් මෙම අවස්‌ථාවේ වෙනත් කිසිවෙක්‌ මංකඩ අසල නොසිටීම නිසා දරු දෙදෙනා කිරිකැටියන් වුවත් ඔවුන් ක්‍රියා කළ ආකාරය ඉතා ප්‍රශංසනීය බවත් මන්ත්‍රීවරයා පැවසීය. තම දිවි පරදුවට තබා ක්‍රියා කරමින් ජීවිත දෙකක්‌ බේරාගත් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් කළ වීර ක්‍රියාව ප්‍රාදේශීය සභාවටද ගෞරවයක්‌ බවත් මෙයට පෙරද අවස්‌ථා කිහිපයකම මෙම මන්ත්‍රීවරයා මෙවන් වීර ක්‍රියා සිදුකර ඇති බවත් හැම විටම මන්ත්‍රීවරුන්ගේ අඩුපාඩු ලියන මාධ්‍යවේදීන් මෙවන් වීර ක්‍රියාවන් ගැනද ජනතාව දැනුවත් කිරීම යහපත් බවත් උප සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.