ලෝකයේ දිගම පාලම චීනයේ

ලෝකයේ ජලය මතුපිට පිහිටි දිගම පාලම චීනය විසින් තනා ඇත. කිංඩෝ හයිවාන් නම් වූ මෙම පාලම සැතපුම් 26.4 ක්‌ දිගය. මෙය ඉංගී්‍රසි ඕඩය හරහා වැටී ඇති අතර මීට කලින් පැවැති දිගම පාලම සඳහා වූ ලෝක වාර්තාවද බිඳ හෙළා ඇත. කලින් වාර්තා පිහිටුවා තිබු දිගම පාලම පිහිටා තිබුණේ ඇමරිකාවේ ලුසියානාවේය. චීනය තැනූ පාලම එයට වඩා සැතපුම් තුනක්‌ දිගය. මෙම අති විශාල ලෝහමය සැකිල්ල නැගෙනහිර චීනයේ කිංඩාබ්හි වරාය පිහිටි නගරයේ මැද කොටසට සම්බන්ධ වන අතර එහි හුවැංඩෝ නගරයේ සිට ජියෑෂවූ මුහුදු බොක්‌කේ නිල් සාගර දක්‌වා විහිදී ඇත.

රන් පවුම් බිලියන 5.5 ක වියදමින් වසර හතරකින් තනා නිම කරන ලද මෙම පාලම චීන ජාතික ඉංජිනේරුවරුන් ලබා ඇති උසස්‌ තාක්‍ෂණ ප්‍රගතිය මොනවට කියා පෑමෙහි සමත් වේ.

මෙවැනි අති නවීන ව්‍යාපෘති සඳහා බටහිර රටවල විශේෂඥ දැනුම නොලබා සකස්‌ කරන ලද මෙම පාලම පටු මාර්ග හයකින් යුක්‌ත වන අතර මෙම පාලම රඳා පැවතීමේ ශක්‌තිය ලබා ගැනීම සඳහා ආධාරක කුළුණු 5200 ක්‌ සිටුවා ඇත. මෙම පාලම සැලසුම් කරන ලද්දේ ශැන්ඩොං ගවුසු ගෘප් නමැති ආයතනය විසිනි. රථ වාහන ගමනාගමනය සඳහා මෙය විවෘත කිරීමෙන් පසුව දිනකට ධාවනය වන මෝටර් රථ ගණන 30,000 කි. මෙය විවෘත කිරීම නිසා කිංඩාවු නගරයේ සිට හුවැන්ඩවූ නගරය වෙත විනාඩි 20 - 30 අතර කාලයකින් ළඟා වීමට හැකි විය.

මෙම පාලම තැනීම සඳහා කම්කරුවන් 10,000 ක පිරිසක්‌ කණ්‌ඩායම් දෙකකට බෙදී පැය 24 පුරාම සේවයේ යෙදිණි. මෙම පාලම තැනීම ආරම්භ කරන ලද්දේ දෙපැත්තේ සිටය. දෙපැත්තෙන්ම ඉදිරියට තනාගෙන ආ මෙම පාලම අවසාන දින කිහිපය තුළදී හරි මැද සිට සම්බන්ධ කොට තැනීමේ කටයුතු නිමකරනු ලැබිණි. සුදුසු පරිදි බෙදා වෙන් කරන ලද වානේ ටොන් හාර ලක්‍ෂ පනස්‌ දාහක්‌ මෙම පාලම තැනීම සඳහා යොදා ඇති අතර එම ප්‍රමාණය කොතරම්දැයි කිවහොත් ඒ වානේ ප්‍රමාණය ලෝකයේ ප්‍රසිද්ධ අයිපල් කුළුණු 65 ක්‌ තැනීමට සෑහේ. එමෙන්ම මෙම පාලම සඳහා සකස්‌ කරන ලද කොන්කීS්‍රට්‌ ප්‍රමාණය කොතරම්දැයි කිවහොත් එය ඔලිම්පික්‌ මට්‌ටමේ පිහිනුම් තටාක තුන්දහස්‌ අටසියයක්‌ (3800) පිරවිය හැකි තරමේ ප්‍රමාණයක්‌ වූ කොන්ක්‍රීට්‌ මිශ්‍රණ කියුබික්‌ මීටර මිලියන 2.3 කි.

චීන නිලධාරීන් පැවසුයේ මෙම පාලම කොපමණ විශාලත්වයකින් යුක්‌තදැයි කිවහොත් භූමිකම්පා අටකට වුවද ඔරොත්තු දීමේ ශක්‌තිය ඇති බවය. සුළි සුළඟකට පවා නොසැළෙන අතර ටොන් 300,000 ක වාහනයක්‌ සමග ගැටීමේ ශක්‌තියද ඇති බවය. එසේම මෙම පාලම නිසා සියයට 16 ක වාර්ෂික ආර්ථික ප්‍රගතියක්‌ ලැබීම හේතුවෙන් කිංඩාවු නගරය චීනයේ ඉතාම ඉක්‌මනින් දියුණු වන සෞභාග්‍යමත් නගරය බවට පත්ව ඇත. චීන නාවික තොටුපළ ද පිහිටා ඇති මෙම නගරය සිංටාබ් බියර් සඳහා නම් දරා ඇති අතර 2008 වර්ෂයේ බීජිං පැවැති ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේදී මුහුදු යාත්‍රා ක්‍රීඩා ඉසව් ජයගත් ක්‍රීඩකයන්ට සංග්‍රහ කරන ලද්දේ ද මෙම බියර්වලිනි.

1898 සහ 1914 අතර කාලය තුළ ජර්මන් ජාතිකයන් පදිංචිව සිටි මෙම නගරයේ විසිවන ශත වර්ෂය ආරම්භයේදී යුරෝපීය මෝස්‌තරවලින් ප්‍රකාර නිවාස සහ දෙව්මැදුරු ද ගොඩනැඟුණි. මුහුදු මත්ස්‍ය ආහාර සඳහා කීර්තියක්‌ දැරූ මෙම පසුගිය කාලවලදී සංචාරක ගමනාන්තයක්‌ ලෙසද ජනප්‍රිය විය. එසේම ජීවත්වීමට සුදුසු ප්‍රදේශයක්‌ ලෙසද පිළිගැනිණි. 2009 වර්ෂයේ චීනයේ පැවැති සමීක්‍ෂණයකින් හෙළි වූයේ, මෙය ජීවත්වීමට ඉතාම සුදුසු නගරයක්‌ ලෙසිනි. කිංඩාඕ පදිංචි ජනතාව මෙම පාලම ඉතා ප්‍රමාද වී හෝ ඔවුන් දුටු විශ්මය උපදවන එකක්‌ බවට අගය කරති.

"මට විශාල ප්‍රීතියක්‌ දැනුණා. පාලමේ වැඩ නිම වීම පිළිබඳව, කිංඩාඕ සහ හුවැන්ඩාඕ අතර මාර්ගය ඉතා ජනාකීර්ණයි. දැන් මගේ ගමන ඉතා ලේසියි. ඉතා ලස්‌සන වෙරළක්‌ සහිතව අපේ නගරය සංචාරක නගරයක්‌. අපට ගමනාගමන පහසුකම් ලැබීම ඉතා වැදගත්" යෑයි සීනා නමැති චීනයේ විශාලම අන්තර්ජාලය ඇමතූ එක්‌ මගියෙක්‌ පැවසීය. එහෙත් චීනයේ සමහර පෙදෙස්‌වල ජනයා පැවසුවේ මෙම පාලම සඳහා එතරම් විශාල මුදලක්‌ වැය කිරීම ඔවුන් අනුමත නොකරන බවය. එයට හේතුව වශයෙන් ඔවුන් දැක්‌වූයේ මෙම පාලම තැනීම නිසා කිංඩාඕ සහ හුවැංඩෝ නගර අතර දුර ප්‍රමාණය සැතපුම් 19 කින් අඩුවීම පමණක්‌ සිදුවන බවය.

රථයක්‌ ධාවනය කිරීමේ වේලාව විනාඩි 20කින් අඩු කිරීම සඳහා බිලියන ගණනක මුදලක්‌ වැය කිරීම අය බදු ගෙවන්නන්ගේ බදු මුදල් නාස්‌ති කිරීමක්‌ යෑයිද මෙහි අරමුණ වන්නේ ශැන්ඩොං ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා හොඳ වැඩ කරන අයෙකු බව පෙන්වීමට යෑයිද ජීලිං ප්‍රදේශයේ විවේචකයෙක්‌ පැවසීය. චීන රටේ දැනටමත් ලොව දිගම පාලම් දහයක්‌ ඉදිකරනු ලැබ ඇත. එයින් එකක්‌ වන්නේ ඩන්යාන් සිට කුෂාන් දක්‌වා විහිදී ඇති සැතපුම් 102 ක්‌ දිග දුම්රිය මාර්ගයේ පාලමය. මෙම පාලම ශැංහයි නගරය අසලින් ගොඩබිම සහ ජලය ද ආවරණ කරමින් තනන ලද්දකි.


පරිවර්තනය - එස්‌. කේ. ඡේ. කුරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.