2013 අගෝස්‌තු 30 සිකුරාදා

 

    Subscription Rates
    ADVERTISING
    RATES
   Divaina Editor
 
    Webmaster

මුන්නේශ්වරම ඇතුළු කෝවිල්වල
බිලි පූජා නැවැත්වීමට පොලිසියට බලය ඇත

බලපත්‍රයක්‌ නැතිව හලාවත මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සිදුකෙරෙන සත්ව ඝාතන නැවැත් වීමට පොලිසියට පැවරී ඇති නීතිමය බලතල යොදාගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලකරමින් අභියාචනාධිකරණය ඊයේ (29 වැනිදා) පොලිස්‌පති, පුත්තලම දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති, හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හා හලාවත පොලිස්‌ මූලස්‌ථානාධිපතිට නියෝගයක්‌ නිකුත් කළේය.


'කිරිපිටි ප්‍රශ්නයේදී' ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ගියා එම තත්ත්වය දැන් නිවැරදි කර ගනිමින් ඉන්නවා - ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල

කිරිපිටිවල විෂ ඇති බවට සැකය ඇතිවීමත් සමග ජනතාවගේ ආරක්‍ෂාව ගැන ආණ්‌ඩුව මුලින්ම සිතා මෙම සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් කීය.

ඡන්ද අපේක්‍ෂකයාගේ රතිඤ්ඤා පිපිරී බසයේ සිටි කතුන්ට තුවාල

රතිඤ්ඤා කරල් විසිවී බස්‌ රථයක්‌ තුළට වැටී පිපිරීම නිසා කාන්තාවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට හා ගම්පොළ රෝහලට ඇතුළත් කොට තිබේ.

කොළඹ මහ නගර සභා රැස්‌වීම
කනත්තේ ගින්න
සභාවටත් පැතිරේ

මෙහිදී පක්‍ෂ (එජාප) සහ විපක්‍ෂ (එජනිස) මන්ත්‍රීවරුන් දැඩි උණුසුම් වාතාවරණය හමුවේ අදහස්‌ දැක්‌වීමට යැමෙන් පුටු පෙරළීම, දත් ඇන්දක්‌ බිමට වැටීම, සභාවට නුසුදුසු වචන පැවසීම වැනි සිද්ධීන් දක්‌නට ලැබිණි.


මෙවර සා.පෙළ විභාගයට අයෑදුම්කරුවෝ 5,80,110 ක්‌

මේ අතරින් තුන්ලක්‍ෂ අසූහතර දහස්‌ දහ දෙනෙක්‌ පාසල් අයදුම්කරුවෝ වෙති. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව එක්‌ලක්‍ෂ අනූහය දහස්‌ එකසියයකි.

එ.ජා. විශේෂ විමර්ශකයකු ගෙන්වීමේ යෝජනාව අහකට

මෙරට කටයුතු විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයකු ශ්‍රී ලංකාවට කැඳවන ලෙස රාජ්‍ය නොවන සංවිධානයක්‌ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මාර්ගයෙන් කළ ඉල්ලීම රජය ඊයේ (29 දා) එකහෙළාම ප්‍රතික්‌ෂේප කර ඇත.

ලබන වසරේ ඖෂධ මිලදී ගැනීමට රුපියල් බිලියන 35 ක්‌ වැය කරනවා
- සෞඛ්‍ය ඇමැති

2013 වසරට සෞඛ්‍ය සේවාව සඳහා රජය වෙන් කළේ රුපියල් බිලියන 125 යි. එයින් බිලියන 25 ක්‌ ඖෂධ මිල දී ගැනීමට වැය කළා.

වසර 24 කට පසුව පැමිණි දුම්රිය බලන්නට කිලි නොච්චියේ මහ පිරිසක්‌

දුම්රිය දැක බලා ගැනීම පිණිස කිලිනොච්චියේ කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියෝද විශාල පිරිසක්‌ කිළිනොච්චිය දුම්රිය ස්‌ථානය වෙත පැමිණ සිටියහ.

ගිය වසරේ උ/පෙළ සමත් සිසුන් සරසවියට ගන්නේ ලබන ජනවාරියේ

මෙම වසරේදී එම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන බවට අමාත්‍යාංශය කලින් ප්‍රකාශ කළ නමුත් දැනට පවතින තත්ත්වය අනුව ජනවාරි මාසයට පෙර ඔවුන් ඇතුළත් කළ නොහැකි වනු ඇතැයිද එම ආරංචි මාර්ග පැවැසීය.

සිසිලියා ගෙන්වන්න තාමත් වැඩපිළිවෙළක්‌ නෑ
නීතිපති දෙපාර්තමේන්තු පිළිවෙත ගෝල්ඩන් කී නඩුවට බාධාවක්

ගෝල්ඩන් කී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකාරිය වන සිසිලියා කොත ලාවල එංගලන්තයේ සැඟවී සිටින බවට තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

පොලිස්‌ නිලධාරියාට
"පාට්‌" දැමූ යුවළ දැලේ

කොළඹ ඩී.අයි.ජී. ඇතුළු උසස්‌ පොලිස්‌ නිලධාරීන් තමන් හඳුනන බවත්, තමන් දෙදෙනාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හොත් මෙහි සිටින පොලිස්‌ නිලධාරීන් සියලුම දෙනා ස්‌ථාන මාරුකර යවන බවත් කියමින් සැමියා දුරකථනයෙන් කතා කිරීමටද උත්සාහ කර ඇත.

කුරුණෑගල සන්ධාන අපේක්‍ෂකයාගේ
නීති විරෝධී රැස්‌වීම විසුරුවා හරී

දිස්‌ත්‍රික්‌කයේ ඇමැතිවරයෙකුගේ පුත්‍රයෙකු වන මෙම අපේක්‍ෂයා මුලින්ම මෙම රැස්‌වීම පඬුවස්‌නුවර ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් සිට ඇති අතර මැතිවරණ නිලධාරීන් එහි පැමිණෙන බව සැලවී.....

ඩෙංගු බෝකළ අයගෙන් රුපියල් දෙකෝටියකට අධික දඩ මුදලක්‌ රජයට

මෙහිදී ඩෙංගු මදුරුවන් බෝකළ පුද්ගලයන් 6153 න් දෙනකුට එරෙහිව නීතිමය කටයුතු කර මෙම දඩ මුදල් අයකරදී ඇතැයි සංගමයේ උප ලේකම් සී. එස්‌. මුතුකුඩ මහතා සඳහන් කළේය.

අවුරුදු 102 යි දරු මුණුබුරන් 30 යි

මගේ මනුෂ්‍යා කර්නේලිස්‌ මුහන්දිරම්. එයා බොරලුගොඩ වලව්වේ ඕපන් බොඩි බස්‌ එකක වැඩ කළා ඒ කාලේ තමයි අපි දෙන්නා හඳුනාගත්තේ.

බ්‍රොaඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය කිතුල්ගල රාෆ්ටින් ක්‍රීඩාවට වළ කපයි

මේ ප්‍රදේශය අහිමි වෙලා රාෆ්ටින් ක්‍රීඩාකරලා වැඩක්‌ නැහැ. ගඟේ බෑවුම්, බාධක තිබෙ න්නේ මේ ප්‍රදේශය තුළයි. අප රටේ වෙනත් ගංගාවක මේ ආකාරයට රාෆ්ටින් කරන්න බැහැ. බලාගාරය ඉදි කළොත් රාෆ්ටින් බෝට්‌ටු සේවය ලංකාවෙන් තුරන් වෙනවා.


කොටි නායකයන් ඇතුළු දෙමළ ඩයස්‌ පෝරාව පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ හමුවට කැඳවන්න
- මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව

මියගිය හා අතුරුදන්වූවන් ගේ දෙමාපිය එකමුතුව ඊයේ (29 දා) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ද්‍රවිඩ ජාතික මවක්‌ තම දරු දෙදෙනා අහිමි වීමේ ශෝකය ප්‍රකාශ කළ අයුරු. ඡායා - සුජාතා ජයරත්න


පිල්ලේ අද මහින්ද
හා රනිල් හමුවේ


එහිදී ඇය ත්‍රස්‌තමර්දන පනත අහෝසි නොකිරීම, කොටි සිරකරුවන් 800 ක්‌ රඳවා ගැනීම, රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම වූ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක නොකිරීම සහ උතුරෙන් හමුදාව ඉවත් නොකිරීම බ යන කරුණු ගැන ප්‍රශ්න කරන බව ආරංචිමාර්ග පැවසීය.

පිල්ලේ - අරුන් තම්බිමුත්තු සාකච්ඡාව උණුසුම් වේ

සන්නද්ධ අංශයක්‌ පිහිටුවා ළමයින්ව බලහත්කාරයෙන් බඳවාගත් අය දැන් ද්‍රවිඩ සංවිධානය නියෝජනය කරන බවත්, ඔබ ඒ ගැන නිහඬව ඉන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් විමසීම නිසා නවිපිල්ලේ මහත්මියට ඊට උත්තර නැතිව නිහඬව බලා සිටීමට සිදුව ඇත.

හෙද හිඟයෙන් රෝහල් දැඩි සත්කාර ඒකක වැසිලා

දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් 25,000 කගේ පමණ උග්‍ර හිඟයක්‌ පැවැතීම හේතුවෙන් බොහෝ රෝහල්වල දැඩි සත්කාර ඒකක වැසී ගොස්‌ ඇති අතර විශේෂිත ඒකක හා වාට්‌ටුවල කටයුතු පවත් වාගෙන යැම අසීරු වී....

කහ ඉරි වෙනුවට
සුදු ඉරි

රාත්‍රි කාලයේදී වාහන රියෑදුරන්ටත් කහ ඉර නිසි පරිදි දර්ශනය නොවන බවට ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙලෙස කහඉරි වෙනුවට සුදු ඉරි යෙදීමට තීරණය ....

දේශීය කිරිපිටි ඉල්ලුම ඉහළට ඒත් සැපයුම පහළට

ඇතැම් දෙමව්පියන් ළදරු කිරිපිටි වෙනුවට දේශීය කිරිපිටි දරුවන්ට ලබාදීමට පෙළඹීමද මේ තත්ත්වයට හේතුවී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සත්ත්ව ඝාතන වළක්‌වමින් ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි
- ඕමල්පේ සෝභිත හිමි

මෙම තීන්දුව සත්ව ඝාතන යට එරෙහිව සටන් කළ සංවිධාන ලැබූ ජයක්‌ බවත් එය මානව හිතවාදීන්ගේ මෙන්ම සත්ව හිතවාදීන්ගේද ජයග්‍රහණයක්‌ බවත් උන්වහන්සේ  පැවැසූහ.

මන්නාරමට අද හිරු මුදුන් වෙයි

ත්‍රිකුණාමලය, හොරොව් පතාන, මරිච්චකුඩායි හා තන්තිරිමලේ ප්‍රදේශවලට හෙට (31 වැනිදා) දහවල් 12.11 ට ඉර මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව පැවසීය.

පැෆරල් නිරීක්‍ෂකයෝ පන්දහසක්‌ ඡන්දයට

පළාත් තුනෙහි ඡන්ද මධ්‍යස්‌ථාන 3708 සඳහා එක්‌ අයකු බැගින් ස්‌ථානගත නිරීක්‍ෂකයන් යොදවන අතර ජංගම නිරීක්‍ෂණ රථ 150 ක්‌...

මැදපෙරදිග තවත් කඳුළු කතාවක්‌
මට පයින් ගහලා වැටුණාට පස්‌සේ
ඇණයක්‌ රත්කරලා බඩ පිච්චුවා

- සෞදි රැකියාවට ගොස්‌ පැමිණි සිරියාවතී කියයි

මම එනවිට ටිකට්‌ එක පමණයි අරන් දුන්නේ. මාස අටක වැටුප් දුන්නේ නෑ. මම ගෙදර ආවේ හිස්‌ අතින්. දරුවන්ට දුක හිතෙන නිසා කෙනකු ගෙන් අතමාරුවට සල්ලි ටිකක්‌ ඉල්ලාගෙන ඇඳුම් ටිකක්‌ ගෙනැවිත් දුන්නා.


බෙලිහුල්ඔයට
අයිස්‌ වැසි

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අයිස්‌ වර්ෂාව විනාඩි ගණනාවක්‌ පැවති බවයි.

උඩප්පුව මුහුදෙන් හමු වූ කන්ටේනරයේ තිබුණේ රබර් කුට්‌ටි


ඩෝරා යාත්‍රාවක ආධාර යෙන් දුර මුහුදේ සිට වෙරළාසන්නයට රැගෙන ආ කන්ටේනරය එතැන් සිට කුඩා යාත්‍රා 02 ක ආධාර යෙන් පෙරේදා (28 දා) ගොඩබිමට රැගෙන එන ලදී.

පියාගේ වන්දිය පුතා එපා කියයි

එම මරණය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුතුට රුපියල් 20,000 ක වන්දියක්‌ අධිකරණය හමුවේ ගෙවීමට සූදානම් වුවත් මරණකරුගේ පුතා එම මුදල භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

දේශීය ශාකවලින් නූල් නිපදවීමට පියවර

දැනට මේ සඳහා කෙසෙල්, උණ, අන්නාසි, වැටකෙයියා වැනි දේශීය ශාක වර්ග උපයෝගි කර ගැනීමට කර්මාන්ත අංශය කටයුතු යොදා ඇත.

  • එදා විනෝද සමයෙන්
    සමාජ යථාර්තය කියා පෑවා..

    - ප්‍රවීණ කලා ශිල්පී ඇල්ප්‍රඩ් පෙරේරා

    ඇල්ෆ්‍රඩ් පෙරේරා මාධ්‍ය දිවියේ නොමැකෙන සිහිවටනය වසර ගණනාවක්‌ පුරා නිෂ්පාදන කොට ඉදිරිපත් කල විනෝද සමය වැඩසටහනයි. සනත් නන්දසිරි, චන්ද්‍රාණි ගුණවර්ධන, අමිතා වැදිසිංහ වැනි ගායක ගායිකාවන් ගුවන් විදුලියේ ළමා පිටියේ සංගීත සන්ධ්‍යාව වැඩසටහනෙන් ගී ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේද ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතාටය.

  • පිටිකිරි අර්බුදයේ බලධාරී භූමිකාව!

    සමාගම කෙසේ හෝ උත්සාහ දැරුවේ තම පස්‌වැනි විශාලතම කිරිපිටි ගැනුම්කරු වූ ශ්‍රී ලංකාව තුළද තමන්ට එවැනි ඉරණමක්‌ අත් නොවී තම වෙළෙඳපළ රැක ගැනීමටය. ඒ සඳහා ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ සහායද එම කිරිපිටි සමාගමට ලැබුණු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසිද්ධියේ කියා සිටියේය.

  • 'සංගා' කඳුරට තෝරා ගනියි
    'කොයි තීරණය ගත්තත් මම දැන් වැරදිකාරයෙක්‌'

    එළැඹෙන චැම්පියන්ස්‌ ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේදී තමා නියෝජනය කළ යුතු කණ්‌ඩායම තීරණය කිරීම තමාටම පැවරීම කොතරම් දුරට සාධාරණද යන්න සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර ඊයේ (29 දා) පැවසීය. අවසානයේදී සිය සහභාගීත්වය කඳුරට කණ්‌ඩායම වෙනුවෙන් ලබාදෙන බව සංගක්‌කාර ඊයේ සවස තීරණය කළේය.


 

Kapruka Shopping |  News


liya



 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.