ප්‍රංශ ආයතනවලට ප්‍රහාර එල්ල කරනවා
- සිරියානු ජනාධිපති බෂීර් අසාද්

සිරියාවට එරෙහි ආක්‍රමණයට ප්‍රංශය සම්බන්ධ වුවොත් ප්‍රංශ ආයතනවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රංශ රජයට අනතුරු අගවා ඇත.

සිsරියාව සමීපයේ පිහිටි ලේඛනයේ ප්‍රංශ ජාතිකයන් 20000 ක්‌ සිටින අතර ප්‍රංශ සමාගම්ද ක්‍රියාත්මක වේ.

සිරියාව රසායනික අවි භාවිතා කළ බවට නැගෙන චෝදනාවද ඔහු ප්‍රතික්‍ෂේප කළේය.

"සාක්‍ෂි පෙන්වන්න අපේ හමුදාව කැරළිකරුවන් සමග සටන්කරණ අවස්‌ථාවේ රසායනික ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියා කරන්නේද යයි හෙතෙම ප්‍රශ්න කළේය." මේ අතර ප්‍රංශ රජය පවසන්නේ සිරියාව කැරළි කරුවන්ට රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට සනාථ වන කරුණු තමන් සතුව ඇති බවයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.