නීතිය නොතකන මුස්‌ලිම්
බ්‍රදර්හුඩ් සංවිධානය විසුරුවනු

- විනිසුරු මඩුල්ල නිර්දේශ කරයි

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය වහාම විසුරුවා හැරීමට ක්‍රියා කළ යුතු යෑයි ඊජිප්තු විනිසුරු මණ්‌ඩලයක්‌ නිර්දේශ කර ඇත.

මෙම සංවිධානය ඊජිප්තු නීතිරීති උල්ලංඝණය කරමින් ක්‍රියාකරන බව එකී විනිසුරු මඩුල්ල කියා සිටී.

මේ වන විට මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ නායක මෝර්සි ඇතුළු 14 ක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානයේ කයිරෝ කාර්යාලය වසා දමන ලෙසද එකී විනිසුරු මණ්‌ඩලය තවදුරටත් නිර්දේශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.