ග්‍රීන්ලන්තයේ සැතපුම් 466 ක අයිස්‌ අගාධයක්‌

ග්‍රීන්ලන්තයේ අයිස්‌ කලාපය තුළ මීටර් 800 ක්‌ ගැඹුරැති අයිස්‌ අගාධයක්‌ ඇතැයි අනාවරණය වේ. මේ අයිස්‌ අගාධය වසර මිලියන ගණනක්‌ පැරණි යෑයි ගවේෂකයෝ පවසති.

රේඩාර් සංඥා සහ නාසා ආයතනය සැපයූ තොරතුරු මත මෙම අයිස්‌ අගාධය හමුවී ඇත. මේ අගාධය සැතපුම් 466 ක්‌ දුරට විහිදී තිබේ. බ්‍රිතාන්‍ය හා ජර්මානු ගවේෂකයන් පිරිසක්‌ මේ අභිරහස්‌ අගාධය සොයාගෙන ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.