2013 සැප්තැම්බර් 04 බදාදා

 

    Subscription Rates
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster

පිළිකා සාදවා මිනී මරන මඟක්‌ - වෛද්‍ය වසන්ත
දිසානායක හෙළි කරයි

ඇමෙරිකානු විරෝධී රාජ්‍ය නායකයන්ට සූක්‍ෂ්ම අන්දමින් පිළිකා රෝගය වැළඳවීමේ අති බියකරු තත්ත්වයක්‌ උදාවී ඇති බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින" ට අනාවරණය කරයි.


කිරිපිටි සමාගමක ලොක්‌කෝ ඇමැතිගෙන් සමාව ඉල්ලති

කිරිපිටි මෙරටට ආනයනය කළ එක්‌තරා සමාගමක නිලධාරීන් පිරිසක්‌ පසුගියදා තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ ඇමැති චම්පික රණවක මහතා මුණගැසී කිරිපිටි අර්බුදය සම්බන්ධව සමාව ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විෂ මුසු සිසිල් පැන් දී මත්කර කනකර කොල්ලකන කල්ලියක්‌
නුවරඑළි එන්නේ ප්‍රවේශමෙන්

මෙම කොල්ල කල්ලිය ළඟ ඇති මත්පැන් හා සිසිල්බීම වර්ගවලට විෂ මුසු කර ඔවුන්ට පානය කිරීමටදී සිහි මුර්ජා වීමෙන් පසුව කොල්ල කරුවන්ගේම වාහනවලින් හා ත්‍රිරෝද රථවලින් සිහි මූර්ජා වූවන් රැගෙන ගොස්‌ හුදෙකලා පාළු ස්‌ථානවලදී ඔවුන් සතු ......

විග්නේෂ්වරන් ශ්‍රී ලංකාවට
මානව හිමිකම් මණ්‌ඩලයක්‌ ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන විමර්ශනය කිරීම සඳහා ස්‌ථිර මානව හිමිකම් මණ්‌ඩලයක්‌ පිහිටුවන්නැයි උතුරු පළාත් සභා මහඇමැති අපේක්‌ෂක සී. විග්නේෂ්වරන් මහතා විසින් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මහත්මියගෙන් ඉල්ලා ඇත.

ආණ්‌ඩුව රටේ සංවර්ධන යක්‌ ගැන කතා කළත්
ජනතාවගේ සාක්‌කුවල පසුම්බිවල මුදල් නැහැ

- එජාප නායක රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව මේ රටේ පවුලකට ජීවත්වීම සඳහා මසකට රුපියල් 40,000 ක්‌ අවශ්‍ය වනවා. රාජ්‍ය සේවකයන් බහුතරයට මසකට රුපියල් 40,000 ක වැටුපක්‌ හිමි නොවන අතර, බොහෝ අයට හිමි වන්නේ රුපියල් 25,000 ක පමණ වැටුපකුයි.

භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව
මම ඒ වෙලාවේ බැලුවේ
ලක්‍ෂ්මන් මහත්තයාගේ ආරක්‌ෂාව පමණයි

- ගයාන් චතුරංග අමරදේව සාක්‌ෂි දෙමින් කියයි

සිද්ධිය වන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියෙක්‌ වන අශෝක යන අය අත වෙපන් එකක්‌ (ගිනි අවියක්‌) තිබුණාද කියා තමා නොදුටු බවත් ආරක්‌ෂක නිලධාරියෙක්‌ වශයෙන් ඔහුට පොලිසියෙන් පිස්‌තෝලයක්‌ ලබාදී ඇත්ද යන්න ගැන නොදන්නා බවත්....

හෙළයේ මහා ගාන්ධර්ව යාණන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව යන් මේ වැළඳ ගෙන උණුසුම් ලෙස සුබ පතනුයේ රටේ පහළවූ තවත් විශිෂ්ටතම ගායන ශිල්පියකු වන හරුන් ලන්ත්‍රාටය.

සිනමා මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් පසුගියදා මරදාන ටවර් රඟහලේදී සංවිධානය කළ "හංසරාණි" ලන්ත්‍රා, ගී මාත්‍රා උපහාර උළෙලේදී මෙම දසුන "දිවයින" කැමරාවට හසුවිය. හරුන් ලන්ත්‍රා ප්‍රවිණ ගායන ශිල්පියාගේ අසූඑක්‌ වැනි ජන්ම දිනය යෙදී තිබූ පෙරේදා (02 දා) මේ උපහාර උළෙල පැවැත්විණි. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

ඡන්ද නීති කැඩීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා 325 ක්‌

මේ අතර උතුර පළාතේ ස්‌ථාන කිහිපයකදී ගිනි අවි යොදා ගනිමින් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන බව ද යාපනය දිස්‌ත්‍රික්‌කයේ ගිනි අවි රහිත මැතිවරණ ව්‍යාපාරයක්‌ බිහිකරන ලෙසත් සිවිල් සංවිධාන කිහිපයක්‌ ඉල්ලා සිටි බව ද කැෙµa සංවිධානය සඳහන් කරයි.

සීගිරියේ ලොකු ලූනු කිලෝ
විසිපන් ලක්‍ෂයක්‌ වැස්‌සෙන් කුණු වෙයි

නොකඩවා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා අස්‌වැන්න නෙළීමට ආසන්නව තිබූ ලොකු ලූනු වගා බිම් රැසක්‌ වර්ෂා ජලයට යට වී බල්බ කුණු වී යැමෙන් ගොවීහු 400 ක්‌ පමණ දැඩි අසරණ භාවයට පත්ව සිටිති.

උපකාරක පන්ති ගුරුවරයා අපහාසාත්මක වැඩක

පෞද්ගලික උපකාරක පන්තියක වැසිකිළියක සූක්‍ෂමව ජංගම දුරකථනයක්‌ සවි කොට එමගින් සිසුවියන්ගේ දර්ශන වීඩියෝ ගත කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයා....

දිනකට කෘත්‍රිම රසකාරක කිලෝ 15ක්‌ අනුරාධපුර ආපනශාලාවලින් ජනතාවට කවනවා - අනුරාධපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

ආපනශාලාවල සහ නිවසේවලද ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන ජනප්‍රිය රසකාරක වර්ගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ප්‍රතික්‌ෂේප කරන ලද මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු සහ තත්ත්වයෙන් බාල ඒවා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සෝමාලියානු කොල්ල කරුවන්ට කොටුවුණු
ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්‌ ඥාතීන් අමතති

එම්. වී. ඇල්බිටෝ නමැති නැව සෝමාලියානු මුහුදු කොල්ල කරුවන්ගේ අත්අඩංගුවේ තිබියදී එය මුහුදු බත්වී තිබේ.

චීනය අලුත් ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකාව අලුත් චීනයත්
තේරුම් ගත යුතුයි

- ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති චීනයේදී කියයි

චීනවාසීන් සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සංචාරක කටයුතු සඳහා අවශ්‍ය දැනුම යනාදිය ඇතුළත් චීන බසින් සකසන ලද වෙබ් අඩවියක්‌ද මෙහිදී ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

අන්සතු බැංකු කාඩ් පතකින්
මුදල් සොරාගත් කත අල්ලන්න පරීක්‌ෂණ

පුද්ගලයකු  බැංකු කාඩ්පත නොමැති බව දැනගත්තේ දින කීපයකට පසුවය. තමා ඒ.ටී.එම්. යන්ත්‍රයට යොමු කළ කාඩ්පත ආපසු නොගත් බව සිහියට නැඟී බැංකුවට විත් සිද්ධිය ප්‍රකාශ කළේය. ඒ වන විට ඔහුගේ ගිණුමේ තිබූ ඉතිරි සියලුම මුදල කවුරුන් හෝ ගෙන ඇති බව පැහැදිලි විය.


ලක්‍ෂ 35ක රථයට ගිනි තබා
ඉතාලි පනින්න හැදූ පුද්ගලයා අල්ලයි

පුද්ගලයකු මෝටර් රථයක හැපී තුවාල ලැබීමෙන් පසු එම මෝටර් රථය සිද්ධිය වූ ඒත්තුකාල ජූඩ් පෙදෙසේදී ගිනි තබා අළු කර ඇත.


නැටුම් උගන්වන මුවාවෙන්
දැරියක රවටා මහනුවරට ගෙන ගොස්‌ අතවර කළ සැකකරු අත්අඩංගුවට
සැකකරු විවාහ හතරකුත් කරගෙන ඉඳලා

සැකකරු චීවරධාරියකු ලෙස ප්‍රදේශයේ සැරිසරා ඇති අතර මධුරංග, ආරියපාල මාස්‌ටර් නාට්‍ය නාමල්, විරිඳු ආරි වශයෙන්ද විවිධ ස්‌ථානවල රැඳෙමින් විවිධ අක්‍රමිකතා සිදු කරන්නට ඇතැයිද...

තහනම් විදෙස්‌ කිරිපිටි තවමත් වෙළෙඳපොළේ

එම කිරිපිටි තොග වෙළෙඳපළින් ඉවත් කරනවා වෙනුවට මෙරට සිටින ඒජන්තවරුන් විසින් එම කිරිපිටි සමාගම්වල ඉතිහාසයත්, රසායන විද්‍යා පාඩමත් සහිත ලිපියක්‌ පාරිභෝගිකයන්ට නිකුත් කර ඇත.

බලු මඟුලට එරෙහිව
ඇමැති ටී. බී. සටනට

විවාහය කියන කටයුත්ත සුබ හෝරාවන්ට අනුව අෂ්ඨක කියලා පෝරුවේ චාරිත්‍ර සිදුකරලා වැදගත් විදිහට කරන්නේ අපේ මවුබිමේ පමණයි. මේ චාරිත්‍ර අගයමින් විදෙස්‌ පිරිස්‌ පවා අපේ රටේදී විවාහ මංගල්‍ය කටයුතු කරන්න පෙළඹී තිබෙනවා.

පිල්ලේගේ චෝදනා 16 රජය ඉවත දමයි

පිල්ලේගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ දැක්‌වෙන කරුණු අසත්‍ය බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා ලන්ඩනයෙහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.


එල්ලුම්ගස වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති තුමාගෙන් ඉල්ලනවා
- ඇමැති එස්‌. බී. 'දිවයිනට' කියයි

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධ කරන පුද්ගල යන් සඳහා එල්ලුම් ගසේ අවශ්‍යතාව අද වැඩි වශයෙන් පෙනී යන බවද ඇමැතිවරයා කීය.


එජාප 67 වැනි සංවත්සරය අනිද්දා

"හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරි කොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන
පීඩනයට ඩයස්‌ පෝරාව ප්‍රචාරය කරන වැරදි තොර තුරු බලපා තිබෙනවා

- ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ

යුද්ධය අවසන් වූ පසු අද ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පවතිනවා. මාධ්‍ය නිදහසද හොඳින් තිබෙනවා. එම නිදහස යොදාගෙන ඇතැම් මාධ්‍ය රජය වැරදි මාර්ගයක යන බව පෙන්වීමේ උත්සාහයක යෙදෙනවා.

කොළඹ ගලධාරි හෝටලයේදී පැවැති ආරක්‌ෂක සම්මන්ත්‍රණ යේදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පුවත්පතක ඇති යමක්‌ ජනාධි පති ලේකම් ලලිත් වීරතුංග මහතාට පෙන්වන අයුරු, රාජ්‍ය ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාද ඡායාරූපයේ සිටි.
ඡායා - සුජාතා ජයරත්න

රතුපස්‌වලට ජලය දෙන්න රු. මිලියන 800 ක්‌ වෙන් කරයි

ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් රතුපස්‌වල හා නැදුන්ගමුව යන ප්‍රදේශ යන්හි ජල ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන අටසියයක මුදලක්‌ වෙන්කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ගෑස්‌ සිලින්ඩර්වල නාමය වෙනස්‌ කර විකුණන ජාවාරමක්‌

ප්‍රකට ගෑස්‌ සමාගමක ගෑස්‌ සිලින්ඩර් වෙනත් නාමයක ගෑස්‌ සිලින්ඩර් බවට වෙනස්‌කර විකිණීමට සූදානම් කර තබන ලද ප්‍රකට සමාගමේම මහනුවර කළමනාකාරවරයකු මේ මස 12 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියම කළාය.

සයුරු තෙර හිඳ නැණ පහස දෙන 'ලෝගොස්‌ හෝප්'


මෙම නෞකාව රටින් රට ගෙන යන්නේ ඥාන සම්භාර යන් ය. විශේෂයෙන් ම දුර්ලභ ගනයේ පතපොත මේ මගින් ලොව පුරා ප්‍රචලිත කෙරේ.

ඉන්දියාවේ ගොස්‌ පැමිණි පිරිස
ගේ පෙනි පෙනී ලොරියක හැපෙති

12 හැවිරිදි දරුවෙක්‌ මරුට

ඉදිරි අසුනේ ගමන් ගත් 12 හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා ජීවිතක්‍ෂයට පත්වූ අතර රියෑදුරුද දරුණු ලෙස තුවාල ලබා ඇති බව තලාතුඔය පොලිසිය කියයි.

උතුරේ සැරිසරන ඉන්දීය බුද්ධි අංශ
ක්‍රියාකාරීන් පිළිබඳව විමර්ශන

ඇතැම් ඉන්දීය දුම්රිය කම්කරුවන් සවස්‌වනතුරු වැඩකරනවා. ඉන්පසු යාපනයේ සැරිසරනවා යෑයි ආරංචි මාර්ග පවසයි.

2010 සිට 2012 තෙක්‌ ගාල්ලේ ක්‍ෂය රෝගීන් 1582ක්‌ වර්තා වෙලා

මෙම වර්ෂයේ මෙතෙක්‌ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ගණන් බලා නැති බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා, .....

ඇමැති පේෂල
කෙවිට අතට ගනී

අයදුම්කරුවන්ට ප්‍රවේශපත්‍ර යවා තිබූ නමුත් ඒවායේ විභාග මධ්‍යස්‌ථාන සඳහන් කර නෑ. ඉතින් කොහොමද විභාගයට වාඩි වෙන්නේ? මෙයින් විභාග අපේක්‍ෂකයන් බලවත් අපහසුතාවන්ට පත්වුණා. මේකනං මහ පුදුම අධ්‍යාපන දෙපාර්ත මේන්තුවක්‌.

අඹන්ගඟ දෙපස කුඹුක්‌ ගස්‌ විනාශ කරන තුරු බලධාරීහු මර නින්දේ

රෑස්‌ස කුඹුක්‌ ගස්‌ සියයක්‌ පමණ මේ වන විටත් කපා බිම හෙළා ඇති බවත් කිසිදු වගකිවයුතු අංශයක්‌ මෙම වන සංහාරය මැඬලීමට ඉදිරිපත් නොවන බවත් චෝදනා කරති.

හොඳින් මිරිස්‌ වැව්වොත් චීනයට සවාරියක්‌

මුළු රටම චීනකරණයට පත්වෙමින් පවතින මේ අවස්‌ථාවේ චීනයට ගොස්‌ පැමිණියොත් හොඳ චීනෙකු වී ඔවුන් සමග කරට කර වැඩ කළ හැකිය.

අද ඇතැම් රූපවාහිනි හා එෆ්. එම්. පවුල් බිඳවට්‌ටනවා

රූපවාහිනියේ යන ඇතැම් ටෙලි නාට්‍ය ගෙදර ප්‍රශ්න හදා ගන්න හැටි හරි අපූරුවට කියා දෙනවා යෑයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විඡේසිංහ මහතා පැවැසීය.

මධ්‍යම කඳුකරයේ අක්‌කර 10000 ක්‌
පාංශු සංරක්‍ෂණය කෙරේ

පාංශු ඛාදනය ජාතික ආර්ථිකයට වසරකදී 1% ක බලපෑමක්‌ කරනවා

පාංශු ඛාදනය ඉහළ මට්‌ටමක පවතින මධ්‍යම කඳුකරයේ අක්‌කර දස දහසක්‌ පාංශු සංරක්‌ෂණය සඳහා තෝරා ගෙන ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කියයි.


 

  

  • "ගෙදරට කිරි " ව්‍යාපෘතිය
    මාතර පුරවරයෙන් ඇරඹෙයි

    අවස්‌ථාවන් ගණනාවක දීම සම්මානයෙන් පිදුම් ලැබූ ලකී ලංකා මිල්ක්‌ ප්‍රොසෙසින් සමාගම විසින් දියර කිරි පරිභෝජනය ශ්‍රී ලාංකීය ප්‍රජාව තුල දිරි ගැන්වීම උදෙසා අලුතින්ම හදුන්වා දෙනු ලැබූ ව්‍යාපෘතිය වන්නේ "ගෙදරට කිරි" ව්‍යපෘතියයි.

  


 
  • පුස්‌ වෙඩිල්ල

    දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ මෙතෙක්‌ සහභාගි වූ තරග අතරින් අතිෂය දුර්වල තරග විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකාව තරගයේ සිව්වැනි මිනිත්තුවේදී සිය පරාජයේ දොරටු විවර කර ගන්නා ලද්දේ ප්‍රතිවාදී අසදුල්ලා අරීදුල්ලාට කිසිදු අභියෝගයක්‌ එල්ල නොකරමිනි. (1-0)

  

Kapruka Shopping |  News


liya



 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.