එජාප 67 වැනි සංවත්සරය අනිද්දා

අකිත පෙරේරා

"හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම සංවත්සරයේ සියලු සංවිධාන කටයුතු එජාප යොවුන් පෙරමුණු ඇතුළු තරුණ සහ ශිෂ්‍ය සංවිධානවලින් සිදුකෙරෙන අතර සංවත්සරය සඳහා තරුණ තරුණියන් පමණක්‌ සහභාගී කරගන්නා බව යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

67 වැනි සංවත්සරය නවමු මුහුණුවරකින් පවත්වන බවත් රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමුකරමින් තරුණයන් සඳහා විශේෂ පණිවුඩයක්‌ ලබාදීමේ අරමුණද ඇතිව මෙම සංවත්සරය පවත්වන බවත් හෙතෙම ඊයේ (3 දා) පැවැති මාධ්‍ය හමුවේදී කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.