වැලිගම පොලිසියේ 9 දෙනකුට දකුණෙන් පිටතට මාරුවීම්

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

වැලිගම පොලිස්‌ ස්‌ථානයේ සේවය කළ පොලිස්‌ නිලධාරීන් නව දෙනකු පොලිස්‌ මූලස්‌ථානයේ දැනුම්දීමක්‌ පරිදි දකුණු පළාතෙන් පිටතට මාරුකර ඇතැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

මාරු කරන ලද පොලිස්‌ නිලධාරීන් අතර පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌, පොලිස්‌ සැරයන්වරු සිව් දෙනෙක්‌, පොලිස්‌ කොස්‌තාපල්වරු තිදෙනෙක්‌ සහ පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරෙක්‌ වෙති.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස්‌පතිවරයාට මෙම නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවක්‌ මත මෙම මාරුවීම් සිදුකොට ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.