මාතලේ හා දඹුල්ල ලංගම ඩිපෝවල
තැපැල් ඡන්ද වැළැක්‌වීමේ කුමන්ත්‍රණ

- පැමිණිලි ලැබී ඇතැයි මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්‌ කියයි

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්දය වළක්‌වාලීමේ කුමන්ත්‍රණයක්‌ මාතලේ සහ දඹුල්ල ලංගම ඩිපෝ තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවට පැමිණිලි ලැබී ඇතැයි මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස්‌ ශානික රූපසිංහ මහතා පැවැසීය.

තැපැල් ඡන්ද දායකයන්ට සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින ඡන්දය පාවිච්චි කිරීමට දින වෙන්කර ඇති අතර එම දිනවලදී ඡන්දය පාවිච්චි කිරීම වැළැක්‌වීම සඳහා බිය වැද්දීම් සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බව ද ඒ මහතා පැවැසීය.

තැපැල් ඡන්දය සලකුණු කෙරෙන දිනවලදී මාතලේ දිස්‌ත්‍රික්‌කයේ තැපැල් ඡන්ද ස්‌ථාන (රජයේ ආයතනවල) සඳහා විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇත.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් 14504 ක්‌ ලැබී තිබිණි. අයදුම්පත් 2374 ක්‌ ප්‍රතික්‌ෂේප කිරීමට සිදුවූ බවත් අයදුම්පත් 12130 ක්‌ පිළිගෙන තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත මේ වනවිට යොමු කර ඇති බවත් සහකාර මැතිවරණ කොමසාරිස්‌ ශානික රූපසිංහ මහතා පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.