සෝමාලියානු කොල්ලකරුවන්ට කොටුවුණු
ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්‌ ඥාතීන් අමතති


කීර්ති වර්ණකුලසූරිය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික නැවියන් හය දෙනාගෙන් දෙදෙනකු ජීවතුන් අතර සිටින අතර ඔවුන් පවුල්වල අයව අමතා ඇතැයි ශ්‍රී ලංකා ජාතික මුහුදු යාත්‍රිකයන්ගේ සංගමයේ සභාපති, පාලිත අතුකෝරාල මහතා ඊයේ (3) දිවයිනට පැවැසීය.

මොවුන් එස්‌ සී විරෝෂන් පෙරේරා සහ එස්‌. එම්. එම්. බ්‍රිස්‌ක්‍රම් වේ.

එම්. වී. ඇල්බිටෝ නමැති නැව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ තිබියදී එය මුහුදු බත්වී තිබේ.

එහි සිටි ශ්‍රී ලාංකික නැවියන් හය දෙනාගෙන් සිවු දෙනකු මියගොස්‌ ඇති බවට සැකකරන බවද ඒ මහතා කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.