ඉන්දියාවේ ගොස්‌ පැමිණි පිරිස
ගේ පෙනි පෙනී ලොරියක හැපෙති

12 හැවිරිදි දරුවෙක්‌ මරුට

සිරිල් විමලසුරේන්ද්‍ර

පිරිසක්‌ රැගෙන ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක්‌ ඉදිරියෙන් ඇදගෙන යමින් තිබුණු ලොරියක මහනුවර ගුරුදෙනියේදී ගැටීමෙන් වෑන් රථයේ ගමන් කරමින් සිටි 12 හැවිරිදි ළමයකු ජීවිතක්‍ෂයට පත්වී සය දෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත.

ඉරිදා (01 වැනි දා) සිදුවූ අනතුරෙන් තුවාල ලැබූවන් පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉදිරි අසුනේ ගමන් ගත් 12 හැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා ජීවිතක්‍ෂයට පත්වූ අතර රියෑදුරුද දරුණු ලෙස තුවාල ලබා ඇති බව තලාතුඔය පොලිසිය කියයි. මියගොස්‌ ඇත්තේ මුරුගයියා රෙදුර්ෂන් නමැති ශිෂ්‍යයෙකි.

වෑන් රථයේ ගමන් කළ තුවාලකරුවන් පිරිස හා මියගිය දරුවා ඉන්දියාවේ සංචාරයක යෙදී සිට ආපසු තම නිවෙස්‌ කරා පැමිණෙමින් සිටි බවත් ඔවුන්ගේ නිවෙස්‌ අනතුර සිදු වූ ස්‌ථානයේ සිට මඳ දුරකින් පිහිටා ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. තලාතුඔය පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. සම්පත් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වෙයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.