ඡන්ද වැඩට රජයේ සේවකයන් හතළිස්‌දහසක්‌
පොලිසියෙන් හත්දහසක්‌


රනිල් ධර්මසේන

උතුර, මධ්‍යම හා වයඹ පළාත් මැතිවරණ රාජකාරි සඳහා රජයේ සේවකයන් හතළිස්‌දහසක්‌ පමණ යොදවන බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මෙයට අමතරව ඡන්ද මධ්‍යස්‌ථානවල ස්‌ථානීය ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන්a හත්දහසක්‌ පමණ යොදවන බව ද හෙතෙම කීය.

එමෙන්ම ඡන්ද මධ්‍යස්‌ථාන අවට ආරක්‍ෂාවට ජංගම පොලිස්‌ රථ යෙදවෙන බවත් ඒ සඳහා යොදවන පොලිස්‌ නිලධාරීන් ප්‍රමාණය පොලිස්‌ දෙපාර්තමේන්තුව මගින් පසුව තීරණය කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මැතිවරණ රාජකාරි සඳහා ඡන්ද බලප්‍රදේශවලින් හා ඊට බාහිර දිස්‌ත්‍රික්‌කවලින් ද රජයේ සේවකයන් තෝරාගෙන ඇති බව හෙතෙම පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.