ඡන්ද නීති කැඩීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා 325 ක්‌

ලසිත දුමින්ද - සචිත්‍ර ඇල්වලගේ

මෙවර පළාත් සභා මැතිවරණයට අදාළව ඊයේ (03 වැනිදා) වන විට මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා 325 ක්‌ වාර්තා වී ඇතැයි කැෙµa සංවිධානය පවසයි.

මේ යටතේ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් 296 ක්‌ සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා 29 ක්‌ වාර්තා වී ඇත.

මධ්‍යම පළාතේ 151 ක්‌ද, වයඹ පළාතේ 126 ක්‌ ද සහ උතුර පළාතේ සිද්ධීන් 48 ක්‌ ද වාර්තා වී ඇති බව කැෙµa සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර උතුර පළාතේ ස්‌ථාන කිහිපයකදී ගිනි අවි යොදා ගනිමින් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන බව ද යාපනය දිස්‌ත්‍රික්‌කයේ ගිනි අවි රහිත මැතිවරණ ව්‍යාපාරයක්‌ බිහිකරන ලෙසත් සිවිල් සංවිධාන කිහිපයක්‌ ඉල්ලා සිටි බව ද කැෙµa සංවිධානය සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.