රතුපස්‌වලට ජලය දෙන්න රු. මිලියන 800 ක්‌ වෙන් කරයි

සිsරිමන්ත රත්නසේකර

ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් රතුපස්‌වල හා නැදුන්ගමුව යන ප්‍රදේශයන්හි ජල ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන අටසියයක මුදලක්‌ වෙන්කර ඇති බව ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

අදියර තුනක්‌ යටතේ අදාළ ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙන අතර ලබන වසරේ (2014) අවසාන භාගයේදී ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්‌ඩලය කියා සිටී.

පළමු අදියර යටතේ රතුපස්‌වල, සිවුරළුමුල්ල, මාහරගම, ගල්ඔළුව, නැඳුන්ගමුව හා ඌරුවල බටහිර හා නැගෙනහිර යන ප්‍රදේශවලටද දෙවන අදියර යටතේ වැලිවේරිය, අටිකෙහෙල්ගල්ල, කහටාන, අරමන්ගොඩ, විලිඹුල, හේනෙගම හා කිරිකිත්ත යන ප්‍රදේශද, තෙවන අදියර යටතේ බැලුම්මහර හෙනරත්ගොඩ, මුදුන්ගොඩ, ඉහළ ඉඹුල්ගොඩ, ගොඩගෙදර, කිඹුල්ගොඩ යන ප්‍රදේශවලටද ජල සැපයුම් ලබාදෙන බව එම මණ්‌ඩලය වැඩිදුරටත් කියා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.