නිලධාරීන්ගේ දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව
කොළඹ නගර සභා සේවකයෝ නගර සභාව ඉදිරිපිට අද විරෝධතාවක

චමින්ද සිල්වා

කොළඹ මහ නගර සභාවේ පරිපාලන නිලධාරීන් විසින් සිදු කරනු ලබන අක්‍රමිකතා හා දූෂණවලට විරෝධය දැක්‌වීම සඳහා නගර සභාවේ වෘත්තීය සමිති 28 ක සාමාජිකයන් අද (04 දා) දහවල් 12 ට නගර සභා පරිශ්‍රය ඉදිරිපිට දී විරෝධතාවක්‌ පැවැත්වීමට නියමිතය.

පසුගියදා නගර සභාවේ වටිනා ලියකියවිලි රැසක්‌ ගිනි තැබීම ඇතුළු දූෂණ රැසක්‌ සම්බන්ධයෙන් වහා ක්‍රියාකර එම නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව කොළඹ මහනගර සභාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මුළුවේ සභාපති ඩබ්ලිව්. ඒ. කරුණාදාස මහතා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.